✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 28 🌙✨

Start from the beginning
                                    

සන්හි ලෑස්ති උනේ එයාගෙ ඇදුම් උනාදාලා පිරිසිදු වෙන්න උනත් එයාගෙ කාමරේ දොර 'ක්‍රීං' සද්දෙන් ඇහෙනවත් එක්කම ආයෙත් ඇදුම හදාගත්ත සන්හි බාත්ටබ් එකට බහින්නැතුව තිරෙත් එහාට කරගෙන කාමරේට ආවා..

"සෝහේන්..!!"

"ඔ. ඔයා වැඩකද හිටියෙ සන්හි"

"නැ නැ සෝහේන්.."

සන්හි ගිහින් ඇඳෙන් වාඩි උනාම සෝහේනුත් ඇවිත් සන්හිගෙ ඇදේ සන්හිට පොඩ්ඩක් එහායින් වාඩි උනා.

"සන්හි මාත් එක්ක තාම තරහෙන්ද?"

"......."

"මට සමාවෙන්න. මං දන්නවා මං වැරදී තමයි.. ඒත්-"

"කමක් නැ ප්‍රින්ස්. ඒක වෙලා ඉවරයිනෙ. දැන් ඒක වැඩක් නෑ.. මගෙ තරහක් නැ දැන්..
ඒක නෙවෙයි"

"ඔහොම ඉන්න.. ප්‍රින්ස්???"

"ඔව් ඉතින් ඔයා මෙහෙ ලිට්ල් ප්‍රින්ස්නෙ.. මෙ අහන්නකො. මට මේ කාමරේ ලොකු වැඩීනෙ.. මෙච්චර ලොකු එකක් මට ඕන්නැ.."

"ඕන්නැත්තෙ මොකද? කින්ඩම් එකට වාසනාව අරගෙන ආපු ප්‍රින්සස්ට හරිනම් මීටත් වඩා හොඳට සලකන්න ඕනනෙ"

සෝහේන් කිව්වෙ නැගිටලා සන්හිගෙ දිහාට ඔලුව නවලා ආචාර කරන ගමන්. සෝහේන් නැගිට්ට නිසා එයා වාඩිවෙලා ඉන්න එක හරි නැ වගෙ දැනුනයින් එයත් නැගිට්ටා..

"මොනාද මෙ කරන්නෙ ප්‍රින්ස්.. මගෙ ඉස්සරහ ඔහොම ඔලුව නවන්න එපා.. අනික මං ප්‍රින්සස් කෙනෙක් නෙවෙයි.. එහෙම කතාකරන එක නවත්තන්න."

"ඉතින් ඔයත් මට ප්‍රින්ස් කියන්නෙ.. අපි දෙන්නගෙ යාලුකමට රෝයල්ටි එක අදාල කරගන්න එපා ප්ලීස්.. මං ඔයාගෙන් බෙග් කරනවා සන්හි.. ඔයා මට ප්‍රින්ස් කියනවනම් මමත් ඔයාට කතා කරන්නෙ ප්‍රින්සස් කියලා තමයි.."

"ඒත්. මං. ඔයාට නම කියලා කතා කරන එක හරි නෑනෙ ප්‍රින්-"

සෝහේන් සන්හිගෙ තොල් දෙක ලගට පහත් වෙලා සන්හිගෙ තොල් දෙකෙන් ඇඟිල්ල තිබ්බා. සන්හි ඇස් දෙක ලොකු කරන් සෝහේන් දිහා බලන් ඉන්නකොට සෝහේන්ගෙ සිහිය තිබ්බෙ සන්හිගෙ රෝසපාටට උඩට පිම්බිලා තියෙන තොල් දෙක ලඟ..

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now