✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 3 🌙✨

135 16 20
                                    

Next day morning.....!



"ඔම්මා..මගෙ වතුර බෝතලේ පුරවලා දෙන්නකෝ"

"ඔම්මා...මගෙ මේස් දෙක නැහ්නෙ..."

"ජියා මගේ අර ෆයිල් එක කොහෙද..."

"ඔම්මා අනේ මගේ ටයි එක... ඒක අදත් නැහ්නෙ...."

"ඔම්මා...මං ඊයෙ මෙතන තියන් වැඩ කරපු පොත කෝ..."

"ජියා මගේ වොච් එක කෝ...."

ඔම්මා...~

ජියා...~

ඔම්මා~

ජියා...~

ඔම්මා...~

"යාආආආආහ්.. කෑ ගහන්න එපා දෙයියනේ.. අත් දෙකයි තියෙන්නෙ මට. ඔය සේරම වැඩ එක පාරට කරන්න බැහ්නෙ."

"කට කැඩෙනකන් හැමදාම කියනවා පහුවෙනිදට ඕන දේවල් රෑම ලෑස්ති කරලා නිදාගන්න කියලා. උදේ නැගිටලා බෙරිහන් දෙනවා හැම එකටම ඔම්මා ඔම්මා ජියා ජියා ගාන්න විතරයි ඔක්කොටම පුලුවන්..."

නම්ජුන්ගෙ මැන්ශන් එකේ ඉතින් හැමදාම උදේට මේ වගෙ තමයි. හතර දෙනාම එහාට දුවනවා.. මෙහාට දුවනවා. හතර දෙනා?? පහක් ඉන්නවනෙ..

ඔව් ඔව් පහක් ඉන්නව තමයි 😌
අපේ ආඩම්බරකාරයා ඉන්නෙ..එයාගෙන් විතරයි උදේට කිසි කරදරයක් නැත්තෙ. කොච්චර වැඩ තිබ්බත් ඔක්කොම රෑ ඉවර කරලා පහුවෙනිදට ලෑස්ති කරල තමයි එයා නින්දට යන්නෙ

ඉතින් මේ හැමෝම වගෙ පිස්සුවෙන් එහා මෙහා දුවනවෙලාවෙ ටේ හිටියෙ ඔක්කොම කරගෙන ලෑස්ති වෙලා සාලෙ තියෙන සෝෆා එකෙ වාඩිවෙලා ගිටාර් ප්‍රැක්ටිස් කරන ගමන්..

"ඒයි කුකී...ඔය මගේ ටයි එක අනේ. ඔයාගෙ එක නෙවෙයි."

"පිස්සු හැදීගෙන එනවද මේක මගෙ...ඇයි තමුන්ගෙ කියලා නම ගහලා තියෙනවද මේකෙ.."

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Unde poveștirile trăiesc. Descoperă acum