සුදු අරලිය මල් කිනිත්තේ සත්වැනි කුසුම...

Start from the beginning
                                    

අනේ පව්.. එයා බයවුනා.. මොනා උනත් ක්‍රශ් එක එකපාට්ට කතා කරනකොට බයවෙන්නෑද..

අහක බලන් රවාගෙන ඉන්න තේව් අයියා දිහා බලලා රවපු විද්වාන් අයියා කාමරෙන් එලියට ගියා.. මුන් දෙන්නගෙනම් මොකක් හරි කේස් එකක් තියනවා..

තවත් පැය භාගයක් විතර ඇස් රතු කරන් ඔහේ බලන් ඉඳපු තේව් අයියත් ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා..


" පරිස්සමෙන් ඉන්න සයාෂ්.."
" ආපහු ඉස්කෝලෙදි රණ්ඩු වලට පැටලෙන්න එපා.. මම මේ උපරිම හොඳින් කියන්නෙ.."


අයියා ඒ වචන කිව්වෙ පැහැදිලි ගැඹුරු කටහඬකින්.. ඒ නපුරු ඇස් දිහා බලන්න තරම් හයියක් මට නෑ කියලා දැනෙනකොට මං බිම බලන් හිමින් ඔලුව වැනුවා..


" ම්ම්ම්.. මං යන්නම්.."
" ඉක්මනට හොඳ වෙලා ඉස්කෝලෙ එන්න.. මම බලාගෙන ඉන්නවා.."


" හ්-හරි අයියෙ.."


සෙතිනු දිහා බලලා ලාවට හිනාවුන අයියා එතනින් චුත වෙලා ගියාමයි මම හරියට හුස්මක් ගත්තෙ..

විනාඩි පහක් විතර යනකම් මට කතා කරන්න ඕන වුනත් වචන පිටට එන්නෑ කියලා දැනෙනකොට මට දැනුනෙ මහා මුස්පේන්තු හැඟීමක්..

ඒත් ඇයි එයා මං එනකම් බලන් ඉන්නෙ.. !!


" ස්-සෙතිනු.."


අන්තිමට මම වචන අහුලන් කතා කරනකොට සෙතිනුවා මං දිහා බැලුවා.. පොරගෙ මූන දැක්කම පේනවා ඉන්නෙ අප්සට් එකේ කියලා..

මොකද එයා දැනන් හිටියෙ නෑ මාව ඊයෙ බේරගත්තෙ විද්වාන් අයියා කියලා.. ඒ විතරක් ඈ.. එකපාරටම විද්වාන් අයියා බීම ට්‍රේ එකක් උස්සන් කාමරේට එනකොට මූට මොනා හිතෙන්න ඇත්ද..


" ම්ම්ම්.."


" මට සමාවෙයම් බං.. මට උඹට කියන්න විදිහක් තිබ්බෙ නෑ.."
" අනික විද්වාන් අයියා අද එයි කියලා මං හිතුවෙ නෑ බං.."


" ඇයි බං උඹ සමාව ඉල්ලන්නෙ.."
" ම්-මට සතුටුයි.. මං හිතුවෙ නෑ එයාව මට මෙච්චර ලඟින් දකින්න පුලුවන් වෙයි කියලවත්.."
" ඒ විතරද.. එයා යනකොට මට යන්නම් කියලත් ගියානෙ.."


සුදු අරලිය...Where stories live. Discover now