✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 27 🌙✨

Start from the beginning
                                    

සන්හි දැන් ඉන්නෙ බොහොම දුකින්. එයා දැන් කොහේ කියලා යන්නද. මොනවා කරන්නද කියලා සන්හිට හිතාගන්න බැ.. සන්හිට ආරක්ෂාව තිබ්බෙ සෝහේන් ලග, සෝහේන්ගෙ වුඩ්න් පැලස් එකේ. ඒත්.. ඒත් සන්හි සෝහේන් ගැන වැරැද්දක් හිතුවෙ නැ. මෙච්චර දවසකට වුඩ්න් පැලස් එකේ ඉන්න දුන්න එකම සන්හිට ලොකු උදව්වක්. සන්හි ලොකු හුස්මක් අරගෙන පහලට දැම්මා..

"හ්ම්ම්.. හරි සෝහේන්.. අනෙ ඇත්තටම මට තේරෙන්නැ ඔයාට කොහොම ස්තූති කරන්නද කියලා. ඔයා මට ගොඩක් උදව් කරා. ඇත්තටම ඒවට ගොඩක් ස්තූතියි. මං ඔයාට ණයගැතී සෝහේන්."

"අපො නෑ... ඔයයි මට ගොඩක් උදව් කරලා තියෙන්නෙ.. මාත් එක්ක හැමවෙලේම හිටියට ස්තූතියි සන්හි. මං ඔයාට බඩුවක් ගෙනාවා."

සෝහේන් ගෙනාපු white fairytale style frock එකක් සන්හිගෙ අතින් තිබ්බම සන්හි පුදුම වෙලා ඒක දිහා බලන් හිටියා.

"ම්..මේක.. මේක මටද සෝහේන්.. ඒත් ඇයි?"

"ප්‍රශ්න අහන්න එපා. ඔයා දැන් ලෑස්ති වෙලා එන්නකො.. මං මෙ හදන්නෙ ඔයාගෙ උදව් වලට ප්‍රතිඋපකාර කරන්න"

සන්හිට කියපු එක තේරුනෙ නෑ වගෙ බැල්මකින් සෝහේන් දිහා බලද්දි සෝහේන් කරේ ලස්සනට හිනාවෙන එක විතරයි.

"මං ලෑස්ති වෙලා එන්නෙ මොකටද? ඔයා මොකද්ද කරන්න යන්නෙ සෝහේන්?"

"ගමනක් යමු."

"ම්ම්ම්.. අනෙ මන්ද අද ඔයා අමුතුයි"

සන්හි ගව්මත් අරන් ලී පඩිපෙල්වලට අඩි තිය තිය යද්දි සෝහේන් වුඩ්න් පැලස් එකෙන් එලියට ඇවිල්ලා සාක්කුවට අත්දෙක දාගෙන බලන් හිටියා..

ටික වෙලාවකින්___

"ස්..සෝහේන්...!!"

!!"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now