" හසී.., "

" රයන්.. මම ඔයාට කෝල් එකක් ගන්න හැදුවේ. හැමදේම හොදින්ද?? ඒ දෙන්නා හොදින්ද?? චීනෙ කට්ටිය ගොඩක් කලබල වෙලාද..? "

හසිනි එක දිගට කියන කොට මට තේරුනා එයා දැනටමත් මේක දන්නවා කියලා.

" හසියෝ.., ඔයා ඒ ෆොටෝ එක දැක්කද?? "

" නෑ රයන් . මම දැක්කෙ නෑ. අපේ ලංකාවෙ BJYX group එකෙන් පෝස්ට් එකක් දාලා තිබුනා එහෙම ෆොටෝ එකක් ගැන rumor එකක් තියෙනවා, ඒ ෆොටෝ එක දැක්කොත් එහෙම ඒක re-post කරන්න එපා.. ඒ site එක report කරන්න කියලා .."

හ්ම්ම් ලංකාවේ කැස්බෑවො නම් මේ වෙලාවෙ වගකීමක් ඇතිව හැසිරෙනවා. හැමෝම එහෙමයි කරන්න ඕන.

ඒත් මොකක්ද මේ ෆොටෝ එක..!
Weibo breakdown වෙලා තියෙන්නෙ මේ ෆොටෝ එක හින්දා rush එක වැඩි වෙලාද..
ඇත්තටම එහෙම ෆොටෝ එකක් තියෙනවද? නැත්නම් අහස කඩා වැටෙනව කියලා හාවා දිව්වා වගේ බොරු rumor එකක්ද මේ.

.........❤️💚.........

2018 ජූලි

Xiao  Zhan

Wei ying ගෙයි, ghost genaral wen ning ගෙයි සීන් එකක් තමයි දැන් ශූට් කලේ..
3 වෙනි re take එකෙන් විතර පස්සෙ ඩිරෙක්ටර්ට සතුටු හිතෙන විදිහට සීන් එක ආවා..

" හරි.. විනාඩි දහයක විතර break එකක් ගමු..."
ඩිරෙක්‍ටර් කිව්වා.

" කෝ wang yibo?? "
ඩිරෙක්‍ටර් එහෙම කියලා කට ගන්‍න කලින් මම මගේ ඇසිස්ටන්ට්ගෙන් ඇහුවා..
ඊයෙ එයා හිටියේ නෑ. DDU  recording එකකට ගිහින් . අද උදෙත් මට හම්බ වුනේ නෑ තාම.

" එයා ආවා..දැන් චුට්ටක් වෙලා.."

" ආ හරි.."
මම හැරිලා එයා හොයන් යන්න හදන කොටම make up artist මාව නැවැත්තුවා.

" zhan zhan ..පොඩි විවේකයක් ආව ගමන් එයාව හොයන්න යන්නෙ නැතුව ඉන්න බැරිද?? "
එයා ඇහුවේ දාඩියට අවුල් වුන මේකප් එක touch up කරමින්.

" එයාව හොයන්න යන්නෙ නැතුව මම කවුරු හොයන්නද??"

මේකප් එක හදලා ඉවර වෙනකල් ඉවසන් හිටිය මම එහෙමත් කියලා එයාව හොයාගෙන ගියා.

" පැටියෝ .. ඔයා ආවද? "
කාටවත් ඇහෙන්නෙ නැතිව එහෙම කියලා මම එයා ලගම හිටගෙන කාටවත් දැනෙන්නෙ නැතුව මගේ දිග ඇගිලි වලින් එයාගෙ අත පිරිමැද්දා.

මම කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now