![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ruvi_VKOOK අලුත් ඇදුමට තැම්කූ...😭
_________________________________________
ජන්කුක් සීයා තාත්තා ගෙ අතෙ එල්ලිලා අතුරුදන් වෙලා හිටිය එයාගෙ තාත්තා එනකන් මේ බලන් ඉන්නෙ හුග වෙලාවක ඉදන්,ටේහියුන් ගස්සන් ගියාට පස්සෙ ටේහියුන් ගෙ අම්මයි තාත්තා යි ජන්කුක් ට හුගක් ස්තූති කරලා යන්න ගියා, ජන්කුක් මේ බලන් ඉන්නෙ එකපාරට අතුරුදන් උන එයාගෙ තාත්තා එනකන්...
"ඒක නෙමේ ජන්කූ......අර ඉලන්දාරියා ඔයාට වස්තුව කිව්වා වගෙ මට මතකයි...
ජන්කුක් හිමින් සීයා දිහා බලල ආයෙම බිම බැලුවා..කන්දෙක..කරුනාකරලා රතු වෙන්න එපා..ජන්කුක් අත්දෙකෙන් කන්දෙක වහගන ආයෙම සීයා දිහා බැලුවා.
"ම..ට මතක නෑ.....
"ඒකා ඔයාට බබා කියලාත් කිව්වා...
"සී...යාහ්.
ජන්කුක් සීයට හිමින් තල්ලු කරා.මොකද සීයා හිනාවෙනවා..එයාගෙ මූනෙ තරහෙ අංශු මාත්‍රයක්වත් නෑ..
"ඉතින් ඒ ඉලන්දාරියා කොහොමද....
"එයා හොදයි...
"හැබැයි ඉගනීම මුල් තැනට එන්න ඕනි.....කිම් ටේහියුන් නිසා ඔයා අඩලා මට අහුවුනොත් එතනින් මේ සීයා ඔය සම්බන්ධෙ නතර කරනවා...
සීයා කිව්වෙ හුගක් ආදරෙන් ජන්කුක් ගෙ ඔලුව අතගාන ගමන්.
"එයා හුගක් හොදයි සීයා තාත්තා ...........
ජන්කුක් අමාරුවෙන් වචන ගලපද්දි සීයා තාත්තා හිනාවුනා..
"මං ඒක දන්නවා....
සීයා හිනාවෙලා කියද්දි ජන්කුක් සීයගෙ අත අල්ලගෙන එහෙට මෙහෙට පැද්දෙව්වා..ඒ එයා සතුටින් ඉන්නෙ කියලා පෙන්නන්න වගේ..
![](https://img.wattpad.com/cover/353071332-288-k832437.jpg)