"
ටේහියුන් හියුන්ගී ....මිනිස්සු විශ්වාස කරන්න එපා කියලා මට කෙනෙක් කියලා තියනවා...ඔයා දන්නවද මම හැමදාම කරේ මිනිස්සු විශ්වාස කරපු එක...මං චුට්ටක් එයාලා විශ්වාස කරන්න ගත්තහම මගෙ ඇතුලෙ පුංචි කාලෙ එලියට පනින්න අමතක වුන පුංචි ලමයා එලියට පනිනවා..අන්තිමට වෙන්නේ ඒකෙන් මට නරක දේවල් වෙන එක..මිනිස්සු හැමෝම හොදයි කියලා මං මටම කියාගත්ත උනත් මං දන්නවා සමහරවෙලාවට මිනිස්සුන්ට අමතක වෙනවා හොදවෙන්න කියලා...හරියට මාව නොකරපු වරදකට ඉස්කෝලේ හැමෝම මගෙ හෝම් රූම් ටීච පවා මං යාලුවෝ කියලා හිතන් හිටපු අය පවා මාව අහුකරපු එක...කවදාවත් ලමයෙක්ව ඔය වගෙ වරදකට හිරෙ නොදැම්මත් මාවම හිරේ දාපු එක..ඊලගට මිනීමරුවෝ කියලා ලේබල් ගහපු තැනකට මාව ගෙනත් දාපු එක,පස්සේ වස දීලා මාව මරන්න හැදුවා..ඔයා එදා මාව බේරගත්තා...ඊලගට මට කතුරකින් ඇනල මරන්න හැදුවා...ඇයි..මං මොන වරදක් කරාටද? එයාලා හේතුව කිව්වනම් මට පුලුවන් සියදිවි නසාගන්න...එතකොට මට හුගක් රිදෙන්නෙ නෑනි නේද..මට දරාගන්න අමාරුයි ටේහියුන් හියුන්ගි මං හරි අකමැති අසනීප වෙන්න..එතකොට මං දන්නවා මාව බලාගන්න කවුරුත්ම නෑ කියලා..මං පුංචි කාලෙ අසනීප උනාහම මාව උඩොක්කුවෙ තියාගෙන මට නින්ද යනකන් ඔලුව අතගාන්න කවුරුත් මට හිටියෙ නෑ ටේහියුන් හියුන්ගි..මං අකමැත්තෙන් උනත් කෑම කෑව මිසක් මං ආස දේවල් මට ගෙනත් දෙන්න මට කවුරුත් හිටියෙ නැ...කොටින්ම මං ගැන දුක්වෙන්න පවා කෙනෙක් නැති බව දැන දැනම ඇයි මිනිස්සු මාවම රිද්දන්නේ...ඇයි මිනිස්සු මේතරමට නපුරුකම් කරන්නේ...ජන්කුක් ගෙ අතකින් අල්ලන් හිටිය ටේහියුන් නිරුත්තර උනා..මේතරම් කාලෙකට මොකක් හරි හුරතලයක් අල්ලගෙන මූන උල් කරන පොඩි එකා තප්පරෙන් වෙනස් උන හැටි දැකලා ටේහියුන් නිරුත්තර උනා..ජන්කුක්ගෙ ඇස් වල කදුලු නැති උනත් එයා කතාකරන එක නතර කරේ නෑ..