"අම්මො ඇතියන්තන්..."

ලෙක්චරර් එලියට යනවත් එක්කම ටේ කදෙන් වෙන් කරපු ගහක් වගෙ ඩෙස්ක් එක උඩට කඩන් වැටුනා...

"කෝ...කෝ...ටේ යමු කැෆටේරියා එකට...බඩත් ගිනි දැන් නන්..."

"කෝ කෝ යමල්ලා..."

යුන්ගි ටේවයි යාලුවො ටිකයි එක්කන් කැෆටේරියා එක පැත්තට ආවා...

නම්ජුන් වූබින් එක්ක කන්න ගේන්න ගිය අතරෙ යුන්ගියි ටේයි කැෆේ එකේ කොනේ තිබ්බ ඩෙස්ක් එකකින් වාඩි උනා...

"යුන්ගියා...මේන්...."

ටේහියුන් හරි සතුටින් යුන්ගිට ෆෝන් එක පෙන්නුවා...

"එයා රිප්ලයි කරලා..."

ටේහියුන්ගෙ ඇස් සතුටින් දිලිසෙනවා යුන්ගි හොදටම දැක්කා...

"මොකක්ද කියන්නෙ එයා...ඔයාත් රිප්ලයි එකක් දාලා බලන්න..."

යුන්ගි එහෙම කියද්දි ටේ පොඩි ලමයෙක් වගෙ හිනාවෙවී චැට් එක ඕපන් කලා...

Good Morning...

බට් ඔයා කවුද...🙄

"යුන්ගියා මේ බලන්නකො...එයා අහනවා 'කවුද ඔයා' කියලා...ඒ කියන්නෙ එයා මාව අමතකම වෙලාද...කෝමා එකෙකින් නැගිට්ට වගෙනෙ හැසිරෙන්නෙ එයා..."

"සමහර විට එයා දැනගෙන නොදන්නවා වගෙ ඉන්නවා වෙන්න පුලුවන්...බලන්නකො ඔයා රිප්ලයි කරලා..."

"ඔව් හැබැයි බලමුකො..."

ටේහියුන් ඕනදෙයක් වෙන්න එයාගෙන් අහන්න කියලා  හිතන් හිටිය ඔක්කොම ටයිප් කරන්න ගත්තෙ අදම දෙකෙන් එකක් දැනගෙන හිතාගන්න හිතන්...

ඔයාට ඔයා ආදරෙ කරපු ටේහියුන්වත් මතක නැද්ද...දුකේදි සැපේදි ඔයා එක්ක හිටියෙ ටේහියුන්...ඔයාගෙ සතුට වෙනුවෙන්ම වැඩ කරපු ටේහියුන්...ඔයාගෙ හිත රිදෙන දෙයක් නොකරපු ටේහියුන්...ඔයාට මතක නැද්ද ජින් හියොන්...

ඔයාට මෙච්චර ආදරෙ කරපු මාව ඇයි රැවැට්ටුවෙ...මාව මග ඇරලා ෆෝන් වලින් බ්ලොක් කරලා වෙන කෙනෙක් ගාවට ගියෙ කොහොමද ඔයා...

ඔය හිතේ මං ගැන පුංචිමවත් හැගීමක්වත් තිබ්බෙ නැද්ද ජින් හියොන්...

හරි...මට ඔය කිසි දේකට උත්තර එපා...මට දැන්ගන්න ඕන ඇයි මාව මග ඇරලා ගියේ...ඔයාට තිබ්බ මට ඇත්ත කියන්න...ඇයි මාස ගානක් මාව රැවැට්ටුවෙ...මගෙන් උන වැරැද්ද මොකක්ද...මට මේකට විතරක් උත්තර දෙන්න...මං ආයෙ ඔයාට කරදර කරන්නැ මැසෙජ් දාලා ප්‍රොමිස්...

"ටේ ඉක්මනට ඕක දාලා කන්න වරෙන්..."

වූබීන් කතා කර හින්දා ටේහියුන් මැසෙජ් ටික සෙන්ඩ් කරලා ෆෝන් එක සාක්කුවට දාන් යාලුවො ගෙනත් තිබ්බ කෑම කන්න එකතු උනා...


Dream_YO 🦋

--------------------------------------------------------

Hi Diamonds 💎  ,

කොහොමද ඉතින් ඔයාලට...මාස 3කට කිට්ටු වෙන්න මේක අප්ඩේට් කරන්න බැරි උනා ඉතින්...සමාවෙන්න භාජනයකට දාන්න කියලා ඉල්ලනවා මං...😌 පුලුවන් උන ගමන් අප්ඩේට් කරනවා ඔන්නා...සත්තයි...🤓❤️

ඉතින් අමතක නොකර කතාව ගැන කමෙන්ට් එකක් දාන් යන්න ලමයො...🌚❤️

ආයෙ ඉක්මනට අප්ඩේට් එකක් අරන් එනකන් පරිස්සමෙන් ඉන්න
හැමෝම...බායි බායි....😌❤️


Dream_Yo 🦋
2024 / 03 / 16


You've reached the end of published parts.

⏰ Last updated: Mar 16 ⏰

Add this story to your Library to get notified about new parts!

Hey Baby | VHOPE BL Sinhala Where stories live. Discover now