"මං එයාට කතාකරන්නම්....

කදුලු පිහින ගමන් ටේහියුන් අම්මා ෆෝන් එක අරන් කෝල් කරා.ඒත් රින්ග් උනා මිසක් ටේහියුන් නෙමේ ආන්සර් කරේ.

"එයා වැඩ ඇති...

හිනාවෙන්න උත්සාහ කරන ගමන් මිසිස් කිම් ඇස් වලට ආපු කදුලු ආයෙම පිහගත්තා.

"අහ් ඉන්න ආන්ටි...

ජන්කුක් එයාගෙ ෆෝන් එක අරන් ටේහියුන් ට කෝල් එකක් ගත්තා.එයා ස්පීකර් ඔන් කරලා තිබ්බ නිසා හැමෝටම ඇහුනා කෝල් එක රින්ග් වෙන සද්දෙ.ඒත් දෙපාරක් රින්ග් උනාට පස්සේ ටේහියුන් කෝල් එක ආන්සර් කරා..

"බේ...

ටේහියුන් ආන්සර් කරපු ගමන් ජන්කුක් ස්පීකර් ඔෆ් කරා...මොකද එයාගෙ ටේහියුන් හියුන්ගී සමහරවෙලාවට ඕනිවට වඩා හුරතල් වෙන්න එනවා..

"අහම්....හියුන්ගී....

"ඔව් බේබී කියන්න වස්තුව....

ජන්කුක් සීයා තාත්තා දිහාට ඇස් කැරකෙව්වා.එයාගෙ කන අනිවාර්යයෙන් රතුවෙලා ඇති..අහ්...ඇයි ටේහියුන් හියුන්ගි ට බැරි හරියට කතා කරන්න...

"ඔයාට පුලුවන්ද මං කියන තැනට එන්න..ආහ් ඔයා හොදින් නේද?

"මට ප්‍රශ්නයක් නෑ...අපිට වෙඩිතියපු මල්ලිලා එක්ක මං පුංචි පාර්ටි එකක් දාන ගමන් ඉන්නෙ වස්තුව ,මං දැන්මම එන්න ඕනිද...

"ම්..ඔව් හියුන්ගි දැන්මම එන්න...

"එහෙනම් හියුන්ගී ට ආදරෙයි කියන්න...

ජන්කුක් ආයෙම ඇස් කැරකෙව්වා..මේ මිනිහට මොකක් වෙලාද...

"ඔව් ඔව්...හරි හරි හියුන්ගී...බායි...

ජන්කුක් වෙව්ලන අත්වලින් ෆෝන් එක කට් කරලා එයා දිහා බලන් ඉන්න පිරිස දිහා බැලුවා.

"එයා එයි...

ජන්කුක් හිනාවෙලා මිසිස් කිම්ට කියද්දි එයාගෙ ඇස් වල කදුලු හුගක් තිබ්බා.

Infidelity |taekook Where stories live. Discover now