කවුරුහරි කිව්වොත් දැන් යුංගිගෙ අතේ ඉන්නෙ මීට අවුරුදු ගානකට කලින් නරවෘක රාජධානියෙ උද්‍යානය පුරාම එහෙ මෙහෙ දුවලා සෙල්ලම් කරපු මින් යුංගි කියලා....පුදුම වෙන්න දෙයක් නෑ...කොල්ලා තනිකර ම යුංගි වගේ...ඉපදුණ වෙලාවෙ රතු දුඹුරු පාටකට හැරුණු ඇස් නිසා කොල්ලා ඇල්ෆා කෙනෙක් වෙයි කියලා එයාලා ගෙස් කළා...තාම අවුරුදු හතර වුණාට මේ කොල්ලා දැනට ම ජිමින්ට දවසක් කියන්නෙ හරි දිග කාලයක් කියලා සෑහෙන වාර ගානක් ඔප්පු කරලා පෙන්නලා තිබුණා...ඒ තරම් දඟයා... මේ ඉන්නවා මේ අතුරුදහන්...දැන් ඇස් ඉස්සරම ඉන්න කොල්ලා ටිකකින් බලද්දි වහලෙ උඩ වගේ තරමෙ දාංගලයක් තිබුණ කොලු පැටියා එක්කම එයාගෙ විෂම නිවුන් සහෝදරිය වුණ පුංචි ජීයුන්වත් බලා ගන්න වෙද්දි ජිමින් හවස් වෙද්දි බාගෙට මැරිලා ඉඳිය දවස් නැතුව ම නෙවෙයි...

ටේහ්‍යුන්ගෙ වැඩ එක්ක මේ දඟයො දෙන්නගෙ වැඩත් එකතු වුණාම ලේසි පහසු නැතත්...ජිමින්ගෙ මුළු ලෝකෙම වුණේ එයාගෙ ඇල්ෆත් මේ දරුවො තුන් දෙනත් විතරයි....

ටේහ්‍යුනගෙ හුරතල් එයාලගෙන් ටික ටික ඈතට ගිහින් ටේහ්‍යුන් හරි තැන්පත් ලොකු වගකීමක් තියෙන දරුවෙක් වෙන්න පටන් ගනිද්දී ආයෙත් ජීවිතේට සතුට අරගෙන ආව මේ පැටවු දෙන්නා සීතල චරිතයක් කියන යුංගිව දණින් වැටිලා අඬවන්න තරම් බලපෑමක් එයාලගෙ ජීවිතේට කරලා තිබුණා...ටේහ්‍යුන්ට අංශුමාත්‍ර වත් වෙනසක් නොකර තවමත් බලා ගන්නවා වුණත්... එක වතාවක් ජිමින්ට නැතිවෙලා ගිය සතුට ආයෙ දෙන්න බැරි වුණ එකට යුංගි දිගින් දිගටම තමන්ට දොස් කියා ගත්තා... ජිමින් මොන තරම් ඒක අමතක කරන්න කිව්වත් යුංගි ඒ ගැන ගොඩක් හිතින් තැවුණා...ඒක ටේහ්‍යුන්ට ආදරේ නැති කමක්...තමන්ගෙ ලේ ගැන හිතීමක් නෙවෙයි...අදටත් යුංගිගෙන් ඇහුවොත් ටේහ්‍යුන් කියන්නෙ කවුද කියලා ටේහ්‍යුන්ව තුරුල් කරගෙන යුංගි කියන්නෙ මේ මගේ පණ ටික කියලා... ජිමින් හුස්ම පොවලා මවපු එයාගෙ ලෝකෙට අළුත් පණක් ගෙනාවෙ ටේහ්‍යුන් කියලා යුංගි ලෝකෙටම වුණත් ඇහෙන්න කෑ ගහයි....යුංගි ඒ තරම් ටේහ්‍යුන්ට ආදරෙයි...

යුංගිගෙ පසුතැවීම පිටුපස තිබුණෙ දුකක්...තමන් සැමියෙක්,පෙම්වතෙක්, ඇල්ෆා කෙනෙක් විදියට ෆේල් වුණා කියන දුක යුංගිට පසුතැවිලි වෙන්න ඉඩ සැලැස්සුවා....

The Destiny's ChoiceWhere stories live. Discover now