CHAPTER 07

51 15 5
                                    


ජින් හිටියෙ මාළිඟාව පිටිපස්සෙ තියෙන උද්‍යානයෙ බංකුවක වාඩිවෙලා...මේ පැත්තෙ පිරිස ගැවසෙනවා අඩු නිසා දවල් රෑ කියලා වෙනසක් නැතිව නිහඬයි...ඒ නිහැඬියාව ජින්ගෙ හිත නිව්වා...ජින් හැමදාමත් ආස කළේ නිහඬ තැන් වලට...

එයාගෙ ජීවිතේ ලොකුම එළිය... එයාගෙ පප් එයා ළඟට ආවට පස්සෙ ජින් කොහොමත් හිටියෙ හරි සතුටින්.. ඒ වගේම පපාගෙ හිත පැටියට දැනෙන බව දන්න නිසා ම ජින් හිත රිදෙන තැන් මඟ ඇරලා ඉන්න වගබලා ගත්තා...පප් ජින් ළඟට ඇවිත් තිබුණෙ ශීත ඍතුව ගෙවිලා ඉවර වෙද්දි...ඉතින් ජින් හිත සැහැල්ලු වෙන්නත් එක්ක ඉඩක් තියෙන හැම තැනකම මල් වැව්වා... ඇත්තම කියනවා නම් පප් තමයි එක එක මල් ජාතිවල නම් මතක් කර කර ජින්ව ඇවිස්සුවෙ...

'ඔයාට පේනවද පැටියෝ...අපි ඉන්දපු ටියුලිප් බල්බ්ස්වල අළුත් කොළ ඇවිත්...'

'ඉක්මනට මල් පිපෙයි පපා..'
ජින් හිතින් පැටියා එක්ක කතා කරද්දි ආපිට හුරතල් කටහඬකින් ලැබුණ උත්තරේ නිසා ජින්ගෙ චුට්ටක් පිම්බිලා තියෙන රෝසපාට මූණෙ හීන් හිනාවක් ඇඳුණා...

'ඔයා ආවාම අපි දෙන්නම මල්වල පාට කියමු හොඳද මැණික..පපා ආදරෙයි ඔයාට ගොඩක්...'
ජින් තමන්ගෙ යන්තමට ඉදිරියට නෙරලා තියෙන කුස මතින් අත තියාගෙන කියද්දි ජින්ගෙ අතට පුංචි චලනයක් දැනුණේ ජින්ගෙ මූණෙ හිනාව තව ටිකක් වැඩි කරලා...

"හ්‍යුන්...යන්තමට පොද වැටෙනවා ඔයා මොකද මෙතන? තෙමෙනවනේ..."
ජන්කුක් ජින්ගෙ ළඟට ම ඇවිත් කතා කරද්දි ඔලුව උස්සලා බැලුව ජින් ජන්කුක් එක්ක හිනාවෙලා තනියම නැඟිටින්න හැදුවත් ජන්කුක් ජින්ට උදව් කළා...

" කොහොමද ලීල් ගයි...ඔයා අහගෙන ද ඉන්නේ? මම ඔයාට බ්ලූබෙරි අරගෙන ආවා..."
ජන්කුක් ජින්ගෙ යන්තමට ඉදිරියට නෙරලා තියෙන කුස මට්ටමට පහත් වෙලා ටිකක් සද්දෙට කියද්දි ජින් එක අතක් කුසට තියාගෙන ජන්කුක් දිහා බලාගෙන හිනාවුණා...

තමන්ගෙ පැටියට තමන්ට පස්සෙ වැඩියෙන්ම ආදරේ කරපු කෙනා කියලා ඇහුවොත් ජින්ට අනිත් ඔමේගලාට වගේ තමන්ගෙ ඇල්ෆව පෙන්වන්න පුළුවන් කමක් තිබුණෙ නෑ...

The Destiny's ChoiceWhere stories live. Discover now