"චූටි මැණික රෙඩීද ...කෝ බලන්න පාත්තු දාලද ඉන්නේ..."
යුංගි රූම් එකේ බිම දාලා තියෙන මෙට්රස් එක උඩ මෙහෙට පෙරලි පෙරලි දඟලන අවුරුද්දක් වයස එයාගෙ පණ ටිකව අත් දෙකට උස්සලා ගනන ගමන් අහද්දි චූටි පැටියා යුංගිව දැකලා එයාගෙ නිල් පාට ඇස් ලොකු කරගෙන කෑ ගහලා අත් දෙකෙන් ම යුංගිගෙ මූණට තට්ටු කරන්න ගත්තා...යුංගි හිටියෙ බ්ලැක් ෆුල් සූට් එකක් ඇඳලා එයාගෙ ටිකක් වවලා තිබුණ කොණ්ඩෙ පිටිපස්සට කරලා හදලා... මොන තරම් පිටිපස්සට කලත් ඒක ටිකකින් පැතතේන් බෙදිලා දෙපැත්තට වැටෙන නිසා යුංගි ඒකට ඒ තරම් මහන්සි වුණේ නෑ...තවම බාත්රූම් එකේ වතුර වැටෙන සද්දෙ ඇහෙන නිසා යුංගි ගෙස් කළා ජිමින් දොර වහලා දරුවව තියලා වොශ් එකක් දාන්න යන්න ඇති කියලා...මේ රූම් එකේ පැටියව තනියම තියලා යන්න බය නෑ...අදින්න පෙරලන්න දේවල් නෑ...අල්ලගෙන නැඟිටින්න දේවල් නෑ...හැපෙන්න දේවලුත් නෑ... රූම් එක කෙළවරේ තියෙන ලොකු අල්මාරිය ඇරෙන්න රූම් එකේ වෙන මොනවත් නෑ...තැනින් තැන දරුවා ඇදලා දාපු සෙල්ලම් බඩු විතරයි...මුළු රූම් එකේම බිමට දාපු ඝන වූල් කාපට් එක නිසා දරුවා වැටුණට එයාට රිදෙන්නෙ නෑ...ඒකයි ජිමින් දොර වහලා බය නැතිව දරුවව තනියම තියලා ගියේ...
"ජිමින්...මම දරුවව පහළට අරන් යනවා හොඳද ..."
යුංගි වොශ්රූම් එකේ දොරට තට්ටු කරලා එහෙම කියලා දරුවව අරගෙන පහළට ගියේ ජින්ව මතක් වෙලා මූඩ් එක අවුල් කරගෙන ඉන්න ජන්කුක්ගෙ හිත හදන්න පුළුවන් එකම කෙනා ටේහ්යුන් බව හොඳටම දන්න නිසා..."චූටි මැණික බලන්නකෝ...ඔයාගෙ කූට දුක හිතිලනේ..."
යුංගි ජන්කුක් ළඟට යන ගමන් කියද්දි චූටි ටේ හතර වටේම එබිලා මොනවදෝ හොයලා ඒක දැකලා හිනා වුණා..."තූ...අදා අදා!!.."
ජන්කුක්ගෙ පැත්තට අත් දෙක දික් කරගෙන පුංචි පැටියා මේ දඟල දඟල කියන්නෙ එයාව වඩා ගන්න කියලා වෙද්දි මොන තරම් අවුලක හිටියත් ජන්කුක්ට හිතුණෙ නෑ දරුවව අතට නොගෙන ඉන්න...ඔන්න ඉතින් හැමදාම පුරුද්දට අදත් ජන්කුක්ගෙ අතට ගිය පමාවට ටේහ්යුන්ගෙ රෝසපාට චූටි අත ජන්කුක්ගෙ ඉයරින්ග්ස් එක්ක සෙල්ලම් කරන්න ගත්තා වගේ ම ගලවන්න බෑ කියලා හිතෙද්දි ටේහ්යුන් කිසි ගානක් නැතුව ජන්කුක්ගෙ මූණ හපන්නත් ගත්තා...රිදෙන්න නෙවෙයි...සෙල්ලමට හපනවා මූණෙ කෙළ ගගා...
![](https://img.wattpad.com/cover/344749766-288-k338320.jpg)
YOU ARE READING
The Destiny's Choice
FanfictionEach and every soul has a fate that already planned by the destiny.....