11

602 108 162
                                    

ධනුර්ව හැමෝම ගියාට පස්සෙත් තවමත් පොලොව මත ඉඳගෙන ඔහේ ඈතක් දිහා බලන් ඉද්දි තෙධාෂ එක අතකින් ධනුර්වගේ අතින් අල්ලගෙන අනිත් අත ධනුර්වගේ ඉන වටේ යවලා එයාව හිමීට උස්සලා සෝෆා එකෙන් තියලා පහලට ගියේ බාම් එකක් අරගෙන එන්න. ඒක අරගෙන එනකන් වුණත් ධනුර්ව හිටපු තැනින් පොඩ්ඩක් වත් වෙනස් වෙලා නැතුව එතනම වාඩි වෙලා කලින් වගේම ඈතක් බලන් හිටියා.

තෙධාෂ ඇවිත් ධනුර්ව ළඟින් සෝෆා එකේ ඉඳගෙන ධනුර්ව ව හෙමීට තමන්ට පිටුපාවලා ඉඳගන්න උදව් කරලා බාම් එක අතට ගත්තේ කොන්දට වැදුන පාර උදේ වෙද්දි රිදෙන්න ගත්තොත් ධනුර්වට වැඩක් කරන්න තියා නැගිටින්න වත් බැරි වෙයි කියල භිතලා. තෙධාෂ ධනුර්වගේ ලා නිල් පාට ටීෂර්ට් ලාවට උස්සපු නිසා පියවි ලෝකෙට ආපු ධනුර්ව එකපාරට තෙධාෂ එයාගේ ටී ෂර්ට් එක උස්සන් ඉන්නේ ඇයි කියලා ධනුර්ව කල්පනා කළා. ඊළඟ තත්පරේදී එයාට වෙච්චි හැමදෙයක් ම මතක් වුණේ තෙධාෂ එයාව බේරගන්න ආපු වෙලේ එයාට දැනුන ඒ සැනසීම මිශ්‍ර අසරණකම හැඟීම ආපහු පාරක් හදවතට ඇතුලු වෙද්දි. හෙමිහිට ධනුර්වගේ පිටේ බාම් ගාන්න ගත්තු තෙධාෂට එච්චර වෙලා හිර කරන් ඉඳපු කඳුලු පිට කරන ධනුර්ව සනසන්නට ඔලුවට අත තියන්න ඕන වුණත් එයාට ඒක කරන්න හයිය මදි වුණ නිසා ඔලුවට අත තියන්න උස්සපු අත ආයෙම තෙධාෂ පහළට ගත්තා.

තෙධාෂ ධනුර්වට ඇති වෙන්න අඬන්න දීලා ඊටපස්සේ එයාව කාමරේට අරන් ගේහින් පහළට ගියේ එයාගේ කාමරේ යන්න. ධනුර්ව ගාවට ගිහින් එයාව සනසන්න කොච්චර ඕන වුණත් තෙධාෂ ඒක නතර කරගත්තේ සමහර විට එහෙම කළොත් ධනුර්වට තවත් අවුල් යන්න වුණත් පුළුවන් නිසා.

"ආ ධනූ මල්ලි!! මොකද නිකං ඇට දෙක දන් දීලා වගේ?" සනූෂ අයියා ධනුර්වගේ කරට අත දාගෙන එහෙම ඇහුවා.

"මූ ක්ලාස් එකෙත් හිටියේ ඔහොමයි අයියේ. එහෙනං මේක තමා හේතුව!  සිරාවට උඹ කාටද බන් ඔය දෙක දුන්නේ?? උඹ එහෙනං උඹේ සුදු ජොකාට ද්‍රෝහි වුණා නේද!! දැන් බලපන් උඹේ ඒවා නැතුව ඒ කලිසම කවුරු අඳින්නද!!"  මෙව්ලික හෙන dramatic විදිහට එහෙම කියලා ධනුර්ව ගේ හිත හදන්න හැදුවේ ඇයි කියලවත් අහන්නේ නැතුව. ධනුර්වගේ හොඳම යාලුවා විදිහට ප්‍රින්සිපල් තාත්තාගේ හැටි මෙව්ලික දැනගෙන හිටපු නිසා සහ අවුරුද්දකට වඩා ධනුර්ව ව දන්න නිසාත් ධනුර්ව මෙහෙම මූණ එල්ලගෙන ඉන්නේ ඇයි කියන හේතුව මොකක්ද කියලා මෙව්ලිකට අමුතුවෙන් කියන්න ඕන වුණේ නැහැ.

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now