~♡︎ 09 ♡︎~

Start from the beginning
                                    

එයා යූන්ගිගෙ අතින් අල්ලල නාඩිත් පරික්ශා කරල බැලුවා...

" හ්ම්.. ඔයාගෙ නාඩිත් හරි දුර්වලයි..
කරන්න පුලුවන් එකම දේ විදිහට අපි මේකත් කරමු යූන්ගි.. ම්... "

" ඔයාලට Thanks මං ගැන කරදර වෙනවට "

" එහෙම තමා මම ඩොක්ටර් කෙනෙක්නෙ "

දෙන්නම හිනා වෙවී කෑම කන්න ගත්තා... ටික වෙලාවකින් නූන යනවත් එක්කම යූන්ගිත් නැගිටල ජැකට් එක අතට ගද්දි දැක්ක පහල ජීමින් ඊයෙ රෑ ගෙදර උන්න කොල්ල එක්ක කෑම කනවා... එයා ජීමින්ගෙ කටත් ටිශූ එකකින් පිහිනවා...

.

හහ්... එයා තමා එහෙනම් මහලොකු හ්‍යොං.. ඇයි මට මෙච්චර අව්ල් යන්නෙ ඒ කොල්ල වෙන කා එක්ක හරි ඉද්දි...
මට දැන් පේන හීන වලට වඩා මේක Strees වෙලා ශිට්....

යූන්ගි තනියම හිතල තරහින් පහලට ඇවිල්ල බිල් එක ගෙවල යන්න හදලත් ආය ජීමින් දිහා හැරිල බැලුවා.. එයා මොබයිල් එක බල බල ඉන්නව යූන්ගිව දැක්කෙ නෑ.. යූන්ගි තරහින් එලියට යද්දි එලියෙ ජීමින්ගෙ හ්‍යොං ළමයෙක් වඩාගන ගෑනු කෙනෙක්ට කිස් එකක් දෙනවා..

" What the fuck ජරා මිනිහා.... මූට මං... යාහ්... "

එකපාරටම තරහෙන් එතනට ගිය යූන්ගි ළමය අතේ ඉද්දිම දෝසන්ගෙ කම්මුලට මිට මොලවල පාරක් දෙන්නෙ අර මනුස්සයගෙ නහයෙන් ලේ එන්නම...

දඩාස් ...

" ආහ්.. අන්ද්වේ මේ මොකද මේ "

" අප්පා... ඉහි.. ඉහි... "

අර ගෑනු කෙනයි ළමයයි කෑ ගහනවත් එක්කම දෝසන් ළමයව එයාගෙ අතට දීලා පුදුමෙන් යූන්ගි දිහා බැලුවෙ නහයත් අල්ලං..

" වරෙන් යන්න... වරෙන්... "

දෝසන්ට හිතන්නවත් වෙලාවක් නොදී යූන්ගි දත්මිටි කකා අර අහිංසකයව ඇදගන restaurant එක ඇතුලට ඇවිල්ල එයාව ජීමින්ගෙ කකුල් දෙක ගාවට තල්ලු කරල දැම්මෙ නිකං හෙන අපරාදකාරයෙක් අල්ල ගත්ත වගේ...

" හ්හාහ්... හ්‍යෝං... යාහ්... යූන්ගි මොකද මේ "

ජීමින් බය උන පාර නැගිටල දෝසන්ව නැගිට්ටවල අල්ල ගත්තා...

" ජීමින් තමුසෙ රැවටිලා ඉන්නෙ.. මූ... මූ බැඳපු මිනිහෙක්... මේ ඉන්නෙ මුගෙ ළමයයි බැඳපු කෙනයි... "

ONCE AGAIN - 2 | SɢJᴍ ♡︎Where stories live. Discover now