" කලා සර්.."
" පෙන්නනවා බලන්න.."
පොත් ටික සම්පූර්ණ නිසා හොඳයි.. ඇන්ඳ රූපෙ පෙන්නුවම සර් ඒක බලලා , කලින් නෝට්ස්නුත් බලලා මට ඉඳගන්න දුන්නා..
තව දෙතුන් දෙනෙක්ගෙ පොත් බලලා ස්ටේජ් එකට ගිහින් සර් ආපහු පාඩම පටන් ගත්තම මාත් අහන් හිටියා.. සයන්ස් කියන්නෙ මගෙ ෆේවරිට් සබ්ජෙක්ට් වලින් එකක් නිසා ඉතින් මම මේ පන්තියට ටිකක් කැමතී..
පැය දෙක්කට පස්සෙ ක්ලාස් එක ඉවර කලා.. දැන් තියෙන්නෙ ගෙදර යන්න තමෛ.. ඉක්මනට බස් හෝල්ට්ටෙකට දුවගෙන ගිය මං අද්දන බස් එකේ එල්ලුනා..
හම්මෝ නියම තැන සෙට් උනේ.. එහාපැත්තෙ තඩි ඇන්ටි කෙනෙක්.. මෙහා පැත්තෙ මහසෝනා වගේ උස අයියා කෙනෙක්.. මුන් දෙන්නා මැද්දෙ මං පොඩි ඇටයෙක් වගේ.. ඉස්කෝලෙ අයියලා පොඩි මල්ලි , පොඩි එකෝ කියන එකේ වැරැද්දක් නෑ කියන දැන් තමා තේරෙන්නෙහ්..
මං ඉතිම් සීට් එකක් හයියෙන් අල්ලගෙන හිටන් හිටියා.. මෙහෙමයි.. සීට් එකක් අල්ලන්නම ඕන්නෑ.. අතෑරලා හිටියත් හයියෙන් බ්‍රේක් එකක් ගැහුවට වැටෙන්නෑ.. ඒ තරම් සෙනඟ..
" පොලිස් ග්‍රවුන්ඩ් එක පාරෙන් බහින අය ඉස්සරහට එන්න.."
කොන්දා අයියා කෑ ගහනකොට මං සෙනඟ අස්සෙන් රිංගලා ඉස්සරහට ගියෙ හරි තැනේදි බස් එකෙන් බැහැගන්න බැරි උනොත් හෝල්ට් එකක් ආපහු පයින් ඇවිදින් එන්න වෙන නිසා..
" ඔය බහින අය ඉක්මනට බැහැ ගන්න.."
" අහ් හරේ යමූ.."යාන්තමින් ඇඟේ කොටස් සේරම අරන් බැහැගත්තට පස්සෙ බස් එක අද්දලා ගියාම මම ගෙදෙට්ට යන පාර දිගේ ඇවිදන් ඉස්සරහට ගියා..
පොලිස් ග්‍රවුන්ඩ් එක ගාවින් යනකොට මට දැනුනෙ මම ආසම පුරුදු අරලිය මල් සුවඳ.. ඇස් පියාගෙන විනාඩියක් විතර හොඳට හුස්ම ගත්ත මං ඒ අරලිය මල් සුවඳෙන් මගෙ පෙනහළු පුරවගත්තා..
YOU ARE READING
සුදු අරලිය...
Non-Fiction" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේ...
සුදු අරලිය මල් කිනිත්තේ හයවැනි කුසුම...
Start from the beginning