"චුටි පුතා!! පාඩමක් කරන්න එපා තමුසේ කාටද ඔය දවස පුරා කොටන්නේ? අහුවෙන්න එපා මට වැරදි වැඩක් කරලා!! මෙහාට දෙනවා බලන්න ඔය ෆෝන් එක"

තාත්තගේ සද්දේ ඇහිලා ගෙදර ජනතාව හැමෝම උඩ තට්ටුවට රැස් වෙන්න පටන් ගත්තේ තාත්තා ඒ විදිහට කෑගහනවා කියන්නේ අනිවාර්යයෙන් තව බැනුම් දෙක තුනකට පස්සේ ධනුර්ව ගුටි කනවා කියන එක දන්න නිසයි. ලොකු අක්කා අනිත් හැමෝටම කලින් උඩට ගියේ තාත්තාගෙන් කොච්චර තමන් ගුටි කෑවත් කමක් නැහැ මල්ලි ගුටි නොකා කියලා හිතන ගමන්. හැමදාම ඒ හැම වෙලාවකම අනිත් හැමෝටම කලින් මල්ලිව බේරගන්න ඉස්සරහට පැන්නේ ලොකු අක්කා. එහෙම කරන්න ගිහින් තාත්තාගෙන් ඕන තරම් පාරවල් කාලා තිබුණා වුණත් ඒ ඔක්කොම පාරවල් විඳගෙන එයා මල්ලිව බදාගෙනම හිටියේ අත ඇරියොත් මල්ලිට පාරක් වදී කියන බයට. එදා ඉඳන් අද වෙනකන් මල්ලිට තාත්තා අත උස්සන හැම පාරකම ලොකු අක්කා ඒ පාරවල් වලින් සීයයට අනූනවයක් ම වගේ තනියම විඳගෙන තිබුණා.

තාත්තාගේ කෑගහන සද්දෙට පොත් අකුලන් ගියපු තෙධාෂත් කාමරෙන් එළියට දුවගෙන ආවේ ඒ සද්දේ එයාටත් හුරුපුරුදු විදිහට දැනුන නිසා. තෙධාෂ කියන්නේ ගෙදර ඉද්දී අප්පච්චිගෙන් හොඳටම ගුටි කාපු කෙනෙක්. පේරාදෙණිය නැතුව කොළඹ කැම්පස් එකට දාලා කොළඹ ආවා කියන කාරණේටම විතරක් තෙධාෂ අප්පච්චිගෙන් ගුටි කෑවා නිල් වෙනකල් ම. අන්තිමේ කොළඹ එන්න හිටපු දවස පහු කරලා සතියකට පස්සේ තෙධාෂට කොළඹ එන්න සිද්ධ වුණේ ඇඟ පුරා නිල් පාට තියෙද්දි කොළඹ එන්න බැරි නිසා. ඒ නිසා ධනුර්වගේ තාත්තා ඒ කෑගහපු සද්දෙට තෙධාෂ දුවගෙන ආවේ එයාගේ වේදනාව එයාටම ආයේ මතක් වෙද්දි.

ධනුර්වගේ ෆෝන් එක බලපු තාත්තා දැක්කේ නෝට් එකක් ඉල්ලන්න මෙව්ලික දාපු මැසේජ් එකයි ඊට පස්සේ ඉස්කෝලෙ සයන්ස් එකට ඉන්විටේෂන් හම්බවෙලා තිබ්බ බාලිකාවේ ඉවෙන්ට් ගැන සහ අන්තිමට මෙව්ලිකයි එයයි කතා වුණ විහිලු තහලු. නිධාරා ගේ contact එකම විතරයි ගෑණු ළමයෙක් ට කියලා තිබුණේ එයාට. ඒකත්  chat lock දාලා තිබුණේ.
අලුතින් එකතු වෙච්ච තෙධාෂගේ contact එකයි, එයාගේ යාලුවන්ගේ contacts දෙකයි ඇරෙන්න එයාගේ ෆෝන් එකේ පිරිලා තිබුණේ එයාගේ යාලුවන්ගේ contacts වලින්. මුකුත් වැරදි දෙයක් හොයාගන්න බැරි වුණත් තාත්තා ගේ ආත්ම ගෞරවයට වෙන හානිය සලකලා එයා තවත් ධනුර්වට බනින්න පටන් ගත්තා.

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now