✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 23 🌙✨

Start from the beginning
                                    

"ආආආආආහ්හ්හ්... අනේ... අයියෝ... යනවා... යනවා... කාමරෙන් යනවා......!!!"

හ්‍යුන්ජින් යෝශි දෙන්නා හිටියෙ අපාට්මන්ට් එකේ සේහිගෙ රූම් එකේ. හ්‍යුන්ජින් සේහිගෙ ඇදේ මුනින් අතට නිදාගෙන ඉන්නකොට හ්‍යුන්ජින්ගෙ ඇගේ බෙට්ශීට් එක තිබ්බෙ පිට ගාවට එනකන් විතරයි... උඩට මුකුත් නැ කියලා දැනුන හ්‍යුන්ජින් සද්දයක් නැතුව කල්පනා කරනොට තේරුනේ එයාගෙ යටටත් මුකුත් නැ තමයි කියලා.. යෝශි සේහිගෙ ඇද ලග තිබ්බ පුටුවකින් වාඩිවෙලා හ්‍යුන්ජින්ව සන්සුන් කරගන්න බැරුව හිටියෙ..

"යාහ්... හරි හරි කෑ ගහන්න එපා.. මේ අනිත් රූම්ස්වලත් මිනිස්සු ඉන්නවා... ඔම්මත් එක්ක සේහි තව ටිකකින් ඒවි.. පොඩ්ඩක් දඟලන්නැතුව ඉන්නවා.. මටත් අමාරුවක් නැ මෙතන ඉන්න"

"ඒඒඒඒඒ... උනාට.. බලන්නෙපා තමුසෙ"

"අනෙ වැඩේමයි බලන්න.. මුකුත් පේන්නැ මනුස්සයො බෙට්ශීට් එකෙන් වැහිලා තියෙන්නෙ.. බෙරිහන් දෙන්නැතුව ඉන්නවා"

"(ශිහ්.... මටමයි වෙන්නෙ. ඒකත් මෙයාගෙ ඉස්සරහම) ස්.. සේහිට කෝල් එකක් අරන් දෙන්නකො"

"ඕන්නැ දැන් එනවා ඇති.. මේ.. ගොඩක් රිදෙනවද?"

"ඔව් මේ.. පොඩ්ඩක්.."

"මොකද ඔය කොට්ටෙන් ඔලුව වහගෙන"

"නිකන්....
ඒ.. ඒ මොකද්ද කරන්නෙ"

යෝශි පුටුවෙන් නැගිටලා බෙට්ශීට් එක හ්‍යුන්ජින්ගෙ පිටත් වැහෙන්නම බෙල්ල ගාවටම ඇදලා අරන් පෙරෙව්වා. හ්‍යුන්ජින් යෝශිගෙ අත අල්ලගත්තා..

"ඔන්න මගුල.. ඔලුවත් වහන්නද?"

"න්.. නැ.. එපා.."

"මගේ අත?"

"අහ්ම්.. ස්.. සොරි.."

හ්‍යුන්ජින් තද කරගෙන හිටපු යෝශිගෙ අත හ්‍යුන්ජින් අතාරිද්දි යෝශි ගිහින් ආයෙත් පුටුවෙන් වාඩි උනා... ඊටපස්සෙ දෙන්නා අතර තිබ්බ විනාඩියක විතර නිහැඩියාව නැති කරන්න යෝශි හ්‍යුන්ජින්ට කතා කරා.

"ඔයා බ්‍රැන්ඩොව දන්නවද?"

"හ්ම්.. මං අහලා තියෙනවා.. බ්‍රැන්ඩො ගියාට පස්සෙ මොකද උනේ.. කොහොමද අපි මෙහාට ආවෙ"

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now