සුදු අරලිය මල් කිනිත්තේ පස්වැනි කුසුම...

Start from the beginning
                                    

මං නොදැක්ක ගානට ඉස්කෝලෙ පැත්තට ගියෙ හොරෙන් ඒ පැත්තට ඔලුව දානගමන්.. කලින් දවසෙ වගේම අක්කා බායි කිව්වම අයියා අපේ පාරට හැරුනා.. අන්න පොර මාව දැන් දැක්කා..

මංනම් දැක්කෙ නෑ.. ආපහු නිකමටවත් ඒ පැත්ත බලන්නැතුව මං ඉස්කෝලෙට රිංගගත්තා..

පන්තියට යනකොට සෙතිනු මොනාත ලිය ලිය ඉන්නවා..



" සෙතිනු පණහ්හ්හ්.."



" ඕ ඕ.."



" වරෙංකො යන්න.."
" මට චූ බරයි.."



" අපෝ උඹටත් ආපු ගමන් බර.."
" යමං.."



සෙතිනුවත් එක්ක පන්තියෙන් එලියට පැනගත්තට පස්සෙ අපි ආවේ වෙරලු ගහ යටට..



" උඹට බරයි කිව්වා නෙහ්.."



" නෑ බං.. මං උඹව එලියට ගන්න එහෙම කිව්වෙ.."



" හරිම අගෙයි තිරිසනා.. !! "
" ක්ලාස් එකේ නෝට් එකක් ලිය ලිය හිටියෙ පගෝ.."



" හරේ හරේ.."
" ඒක නෙවෙයි.. දැන් උඹේ අයියගෙ ප්‍රශ්නෙ මොකෝ.."



මං අහද්දි සෙතිනුවා සීරියස් පිට ලොකූ හුස්මක් පාත දැම්මා.. මම වැරදි දෙයක් ඇහුවවත්ද..

නෑනෙ.. මූ කෝමත් මට ඔව්වා කියන්නෙපෑ..



" මොනා වෙන්නද බං.. ඒ ප්‍රශ්නෙ ඒ විදිහම තමා.."



" මේක හරියන්නෑ බං.."
" මං කියන්නද වැඩක්.."



කකුලෙන් තණකොල එහාට කර කර වෙරළු අහුලපු මං ඒ වැඩේ නවත්තලා ඉක්මනට සෙතිනු ලඟින්ම වාඩි උනා..



" අපි විද්වාන් අයියව උස්සලා උඹර්ට කැමතිද අහමු.."
" පොර කැමති නෑ කිව්වොත් ටිකක් බය කරමු.."
" මං මේ සීරියස් කිය - - - ඇයේ ඇයේ උඹ හිනාවෙන්නෙ.. !! හිනාවෙන්න දෙයක් නෙවේ කිව්වෙ.. මේවා සංසාර ණය ගණුදෙනු.. !! "



මං බෙරිහන් තියද්දි සෙතිනුවා මගෙ අතේ තිබ්බ වෙරලු ගෙඩියක් අරන් මගෙ ඇඳුමෙම පිහලා කටේ ඔබාගත්තා..



සුදු අරලිය...Where stories live. Discover now