සුදු අරලිය මල් කිනිත්තේ සිව්වැනි කුසුම...

Start from the beginning
                                    

ශිහ්හ්.. තිරිකනා.. !! මගෙ දවසම කෑවා.. !!

පන්ති‍යට ගියපු ගමන් මම පුටුවට පතබෑවුනේ හිතේ තියන තරහා මගෙ පස්ස පැත්තෙන් පිට කරන්න හිතම්.. ඌහ්හ්හ් රිදුනා යකෝ.. !!



" මොකෝ මේ තද වෙලා උඹට.."



මාව දැකලා සෙතිනුවා ලඟට ඇවිල්ලා ඇහුවා.. පොරට මගෙ වෙනස තේරිලා වගේ..



" තද වෙන්නැද්ද බං.. මලෝට්ටක්නෙ උනේ මට.."



මං මුල ඉඳන්ම මූට සීන් එක කිව්වා.. දැන් මට කලින්ටත් වඩා තරහයි.. අපරාදෙ අරූ කියවද්දි කට පියම් හිටියෙ.. අරකත් කියන්න තිබ්බෙ , මේකත් කියන්න තිබ්බෙ කියලා හිතෙන්නෙ දැන්නෙ..



" යකෝ.. යුගාන් අයියා ඊයෙ සමාවගන්න කිව්ව එකටද දැන් ඌ කියවන්නෙ.."



" ම්ම්ම් ඔව්.. ඒකට තමා.."
" ඇත්තමයි බං.. ඒ තිරිකනාගෙත් මහා අලි ලයින් තියෙන්නෙ.. බැජ් එකක් ගහගත්තම හිතන් ඉන්නෙ උන්ට වඩා එවුන් නෑ කියලා.. "
" ශික්.. ඕන පුපක් කියලා කෙලින්න තිබ්බෙ පරයට.."
" සීනියර් පිපෙට් නෙවේ බං ඌ හෙඩ් පිපෙට් උනත් වැඩක් නෑ මට.. ආපහු කියෝගෙන ආවොත් කෙලිනෙක කෙලිනවා මං.."



" ඔයා ඔය මටද ගහන්න හදන්නෙ.. "



ඒ පාර මොකාද.. කවුරු උනත් කමක් නෑ මූටත් කෙලිනවා මං දැන්.. මුන් ඔක් - - -

ම්-මොකාක්.. !! ත්-තේව් අයියා.. මෙයා මොකෝ මෙහෙ..



" මොකෝ සද්දෙ වැහුනෙ.. "
" මටද දැන් මෙච්චර වෙලා ගහන්න හැදුවෙ.. "



අඩෝහ්හ් ඔක්කොම ඇහිලද මෙයාට.. මටම පාත් වෙයන් ඔක්කොම හෙන.. !! අද මහා කරුම දවසක්.. !!



" න්-නෑ නෑ අයියට නෙවේ.."
" අයියට ගහනවෑ ඒම.."



" එහෙනම්.."
" මට නෙවේනම් කාටද ගහන්න හැදුවෙ.."



අම්මෝහ්හ්හ්.. අයියා ඇවිත් මගෙ එහාපැත්තෙන් වාඩි වුනා.. මුලු පන්තියම සද්ද නෑ.. සෙතිනුවත් බය වෙලා.. ඇත්ත කියනවද අයියට..

සුදු අරලිය...Where stories live. Discover now