"දරුවා චුට්ටක් බලපන් ජන්කුකා මට වැඩ ටිකක් තියේ..."

"හ්ම් හ්ම්...මට පේනවා හදිස්සි බව..."
ජන්කුක් නෝන්ඩියට හිනාවෙලා කියද්දි යුංගි ජන්කුක්ට මිඩ්ල් ෆින්ගර් එක පෙන්න ගමන් පඩිපෙළ පැත්තට ගියේ අප්පා දිහා බලාගෙන හිටිය පුංචි පැටියත් තවම හරියට එක ඇඟිල්ලක් විතරක් දිගෑර ගන්න බැරි අතේ අප්පා පෙන්නුව ඇඟිල්ල දිගාරින්න උත්සාහ කරන දිහා බලන් ජන්කුක් හිනාවෙද්දි...

"යුංගි හ්‍යුන්ට ජිමින් හ්‍යුන්ගෙන් හොඳ කෑමක් සෙට් කරන්න පොයින්ට් එකාආයි..."
ජන්කුක් හිනාවෙවී දරුවගෙ අත තොල් වලින් හපලා ඒ චූටි මූණ ඉඹගෙන ඉඹගෙන ගියේ පුංචි එක් දැනෙන කිතියට අතපය ගස ගසා මහ සද්දෙට හිනාවෙද්දි...

.

.

.

.

"ම්-මට...එතනට යන්න හිත හදා ගන්න බෑ හ්‍යුන්...මට පිළිගන්න බෑ ජින් හ්‍යුන් අපි එක්ක නෑ කියලා..."
ජන්කුක් හිතුවක්කාර වෙද්දි ජිමින් දරුවව ජන්කුක් අතට දීලා මිනිස්  මානයේ එයාලා ජින් වෙනුවෙන් හදපු සොහොන් කොතට එයාලා අරන් ආව සුදු රෝස පොකුර තියලා ආචාර කළා... ජින්ගෙ මතක වතාවත් කරන්නෙ මිටියාවත කෙළවරේ තියෙන චන්ද්‍ර දෙවොලේ...එතනට යන්න කලින් ජිමින් මෙතනට ආවෙ කෝකටත් හිත හදාගෙන ගියා ම ලේසි නිසා...

ජන්කුක් දරුවව තියාගෙන සොහොන් කොතට පිටුපාලා ඉන්න නිසා ම ජිමින් ටික වෙලාවක් ඇස් දෙක පියාගෙන අවුරුද්දක් පරණ හැමදේම වගේ ම ඒ අවුරුද්ද ඇතුළ වෙනස් වුණ හැමදේම කෙළවරක ඉඳන් මතක් කර ගත්තා...

"අපි යමු හ්‍යුන්..."
ජිමින් ජන්කුක්ගෙ අතේ නිදාගෙන ඉන්න පැටියා දිහා බලලා කියද්දි යුංගි කා එකෙන් ගත්ත ලොකු ට්‍රැවලින් බෑග්ස් දෙකත් බිම දිගේ ඇදගෙන සෙමෙට්‍රි එක කිට්ටුව ම තිබුණ නැචුරල් තීම් එකට හදලා තියෙන ලොකු කැෆේ එක ඇතුළට ගියේ අවුරුද්දකට පස්සෙ...හරියට ම අවුරුද්දකට පස්සෙ ජිමිනුත් ජන්කුක් එක්ක ම කැෆේ එකට අඩිය තිබ්බෙ පෙනහලු පිරෙන්න ලොකු හුස්මක් ගන්න ගමන්...කවුන්ටර් එකේ හිටිය බීටා මනුස්සයෙක් දීපු ඕඩර් එකක පේමන්ට් එක ගන්න අතරෙ ම යුංගි, ජිමින්, ජන්කුක් තුන්දෙනාට යන්තන් හිස නවලා ආචාර කළාම ජිමින් ඔහු එක්ක හිනාවෙලා යුංගිගෙ බ්ලෙසර් එක කෙලවරක් අල්ලගෙන පඩිපෙළ නැඟලා උඩට ගියා...

The Destiny's ChoiceWhere stories live. Discover now