සුදු අරලිය මල් කිනිත්තේ තෙවැනි කුසුම...

Start from the beginning
                                    

අයියා කිව්වම මායි සෙතිනුවයි හිමීට ගහෙන් බැහැගත්තා.. මෙන්න යකෝ.. සපත්තු දෙකයි මේස් දෙකයිත් ගලෝපු අයියා විනාඩියෙන් ගහට නැග්ගා.. යකෝ එච්චර ඉක්මනට ගස් නගින්නෙ මූ පාට් ටයිම් හොර පොල් කඩනවද දන්නෑ..

අයියටනම් උස ඇති.. එයා තව අඹ ගෙඩි දහයක් පහලවක් විතර කඩලා දාලා ගහෙන් පැන්නා.. ඔව් ඔව් යකෝ පැන්නා.. අර අත්තෙ ඉඳන් බිමටම පැන්නා.. මූ නම් යකෙක්.. උගෙ උසත් එක්ක එච්චර අමාරු නැතුවැති ඉතිම් ඒක..


" ඉක්මනට ඔය ටික බෑග් එකට දාගන්න.."
" ප්‍රින්සිපල් සර් ආවොත් ඔක්කොටම අඹ නෙවේ කන්න වෙන්නෙ.."


අයියා සපත්තු දාන ගමන් කියද්දි අපීතින් අහස්ගෙ බෑග් එකට ඔක්කොම අඹ ටික ඔබාගත්තා.. උගෙ පොත් ටික ඩෙස් එක යටට ඔබලා බෑග් එක ගෙනාවේ අඹ ටික දාගෙන යන්නම තමා..


" තෑම්ස් අයියෙ.."
" අයියටත් අඹයක් දෙන්නත.."


" එපා එපා.. ඔය ටික අරන් ගිහින් කන්නලකො.."
" මම යන්නම් එහෙනම්.."


අයියා එහෙම කිව්වෙ ලාවට හිනාවෙලා..

අයියටත් බායි කියලා අපි කැන්ටිම පැත්තට ගියෙ ඇන්ටිගෙන් ලුණුයි මිරිසුයි ටිකක් ඉල්ලගන්න..


" අඩෝ යුගාන් අයියා පට්ට නේ.."


" ඔව් බං.. ඌ මාරම හොඳ පොරක්නෙ.."
" මම හිතුවෙ හෙඩ් ප්‍රිෆෙක්ට් නිසා අලි සීන් ඇති කියලා.."


අහස් එක්ක අනිත් උන් කියෝනොකට මායි සෙතිනුයි පිටිපස්සෙන් ඇවිදන් ගියෙ අරුන් කියන ඔක්කොම අහගෙනම තමා..

උන් කියන්නෙ ඇත්ත.. තේව් අයියා පට්ට හොඳයිද කොහෙද.. ඊයෙත් මං ඌට බැන්නා.. අද උදෙත් බැන්නා.. ඒත් මට වචනයක්වත් නොකියා දැන් පොර අඹත් කඩලා දුන්නා.. මුන්නෙ නියම හෙඩ් පිපෙට්ලා..


" ඇන්ටේ.. මිරිස් ටික්කුයි ලුණු ටික්කුයි දෙන්නකෝ.."


අහස් කෑ ගහනකොට අපිව දැකලා හිනාවුන ඇන්ටියා ඇතුලට ගියෙ අපිට බඩු ගේන්න..

සුදු අරලිය...Where stories live. Discover now