ඇති වෙනකල් නිතුරි එක්ක මරාගෙන ගෙදර ආපු මං ඇගපතත් හෝදං තේ කහට එකකුත් හදන් පොඩි හාමුවා දුන්න චොක්ලට් එකකුත් අරං පොත් මේසෙන් ඉද ගත්තා පාඩම් කරන්න
ගිරා සංදේශෙ අවබෝදෙන් කියෝ කියෝ හිටපු මට අද වෙච්ච ඇග හිරි වැටෙන සිද්දාන්ත පෙල එක දිගට පොතේ අකුරු අස්සෙ මැවීගෙන මැවීගෙන ගියා...දෙයියනේ මගෙ මුලු මූනම රත ගැහුවද කොහෙද...ලැජ්ජාවෙ බෑ...චිකේ
හරි ඉතිං මමත් තුවාය පිටිං නාලා ආවාට ලමිස්සි වගේ බාත් රොබ් එකක් කවදාවත් ඇදලා නෑ...ඒක ඇදං හිටපු විදිහ...බුදාම්මෝ සුදු....හනේ විකාරයි වගේ අප්පා....චික් හිතෙන දේවල්...මටත් වඩා වැඩිමල් උත්තමයෙක්ට නේද මං මේ කෙල පෙරන්නෙ...මොනා උනාද මන්දා දවසට දෙකට මේ අහිංසක මට
එක එක එව්වා හිත හිත උන්න මං ඒ පාර මා එක්ක තනියම කියවන්න ගත්තා...පොත් මේසෙ ගාව තවත් ඉන්න බැරි උන මට එතනින් නැගිටලා සාලෙට යන්න හිතුනා....ඒ කරලා අබලං වෙච්ච සෝෆා එකට ගිහින් බිබී හිටපු තේ එක බිමින් තියලා අඩු හතරම උඩ දාං චොක්ලට් එකත් කටේ ගහං සූප්පු කරන්න ගත්තා
ටක් ටක්....
පුතේ....මේ දොර ඇරපංකො
අහ් අප්පච්චි ඇවිත් වගේ
නිකං වහලා තියෙන්නෙ අප්පච්චීහ්....
ක්‍රීස්.....ඩොහ්
අප්පච්චි දොරත් ඇරං ඇතුලට ඇවිදින් ආපිට දොර වහන සද්දෙ ඇහුනා....ඊට පස්සෙ පොඩි බිත්ති කැල්ලෙන් වැහිලා තියෙන දොර ගාවින් මතු වෙනකල් මං බලං උන්නා....අනේ ඉතින් උදේ ගිය පාරනෙ මේ හෙම්බත් වෙලා ගෙදර එන්නෙ...මෙලහට දැන් ඇදන් උන්න වැරහැලි ශර්ට් එක කරේ ඇති...ඒක එයාගෙ පුරුද්ද...ගෙදර දොර පේන මානෙම ඇදන් ඉන්න උඩ කෑල්ල ගලවගෙනමයි ගෙට එන්නෙ...වෙන මොකටවත් නෙමේ මහන්සියට...පව් මගෙ අහිංසක අප්පච්චි...
කොලුවෝ.....උඹ මෙතනද ?
ම්ම්ම්ම්
ඇයි බං කියන්නෙවත් නැතුව ආවෙ ? මං උඹව හෙව්වත් එක්කනෙ
අනේ අප්පච්චි මාව හොයලා ඒ උනාට...යකොහ් මං කොහොමෙයි කියන්නෙ අප්පච්චියේ උඹේ කොල්ලා පොඩි හාමුවා දැකලා රතු වේගන ආව නිසා ලැජ්ජාව වහගන්න නොකියම එන්න උනා කියලා...රෙදි ලෙප්ට්නෙ අයියෝ...ඇයි වදේ
YOU ARE READING
රත් මල් ~ [Yizhan]
Non-Fictionඉහල පැලැන්තියක උන මගේ පවුල අපිට වඩා පහත් මිනිස්සුන්ට සැලකුවෙ මහ නපුරු විදිහට ~බුවනෙක එයා ඉහල පැලැන්තියක උනාට මොකෝ එයා ගාව තියෙන්නෙ අපි කගාවවත් නැති හරි ලස්සන හිතක් ...