සුදු අරලිය මල් කිනිත්තේ දෙවැනි කුසුම...

Start from the beginning
                                    

" තුනක් දැම්මද.. මම දැක්කෙ නෑනෙ.."


ම්හ්ම්.. අරුන් එක්ක කද්දි මොන මාලුද.. කමක් නෑ මැල්ලුම් ටිකකුයි මිරිස් නැටී එක්ක බත් කටවල් දෙකක් හරි ඉන්ටවල් එකේදි කෑවනෙ..

පුටුව උඩට කකුල් දෙකත් අරගෙන බත් ටික එක හුස්මට ගිලින්න ගත්තෙ හවසට සෙතිනුවා ආවම ක්‍රිකට් ගහන්න යන්න ඕන නිසා.. කාලා අතත් සෝදන් සාලෙට එනකොට අම්මා මේ ආදරයයි රිවයින් කරන් බලනවා.. ඊයෙ රෑ නහයෙන් ඇඬුවෙ තාත්තා මැච් එක බලනකොට ඕක බලන්න වෙන්නෙ නෑ කියලනෙ..


" අම්මේ සෙතිනුට ආවම කාමරේට එන්න කියන්න.."
" මං යනෝ විනාඩි පහක් විතර නිදාගන්න.."


අම්මට එහෙම කියලා කාමරේට ඇවිත් මං චාජරේට ගහලා තියන ෆෝන් එකත් ගලවන් ඇඳට පැන්නෙ වස්සප් එකේ මැසේජ් ටික බලන්න..


📩 මගෙ තිරිකන් පැටියා 🥺💕

" yko mwa loriyakata happuna.."
                            ( Yesterday 5.17pm )


අඩෝ.. සෙතිනුවා ඊයෙ හවස දාපු මැසේජ් එක සීන් කලාට රිප්ලයි දාන්න බැරි උනානෙ.. ඒත් ඉතින් ඕකා අද ඉස්කෝලෙත් ආවනෙ.. ලොරියට හැප්පිලා මැරුනනම් ඉස්කෝලෙ එන්නත් බෑනෙ..

ඔන්නොහේ කමක් නෑ දැන් ආවම විස්තරේ අහගන්නවා.. හොඳම යාලුවො හැම වෙලේම මැසේජ් කරන්නැල්ලු..

මං ෆෝන් එක බඩ උඩින් තියාගෙන ඇස් පියාගත්තෙ විනාඩි පහකින් විතර නැගිටින්න හිතන්.. මේ ඉතින් මෙහෙම සුට්ටක් නිදාගන්න අන්තිම දවස් ටික.. ස්පෝට් මීට් වල ප්‍රැක්ටිස් වැටුනම නිදියයි ලබ්බක්..














































" උට්ටො.. නැගිටපන්කො.."


ම්හ්ම්.. මොන කරුමයක්ද.. ඇස් දෙක පියාගත්තා විතරයි මොකෙක් හරි යකෙක් කෑ ගහන්න ගත්තා..


" උඹ එහෙනම් නිදාගනිම්.. මම යනවා බං.."
" තෝ නිසා මට සෙල්ලම් කරන්නත් නෑ.."


සුදු අරලිය...Where stories live. Discover now