සෙතිනු පැහැදිලි කරන්න හදනකොට පිපෙට් අයියා මගෙ දිහා බලලා එහෙම කියලා ගියා.. අයියා ගිය ගමන් සෙතිනුවා කියවන්න ගත්තෙ වක්කඩේ කඩලා වගේ..
" හොඳ වැඩේ උඹට.. හොඳම වැඩේ.. මම කිව්වා නවත්තපන් කියලා.."
" කොහෙද උඹටත් කැසිල්ලනෙ.."" යකෝ මට කෑගහන්න එපා.. ඒ අපේ පන්තියෙ කොස්ස.."
" අනික හැමදාම මුන්ට කොසු නිකන් දෙන්න ඇයි මම වැඩ කරන්නෙ කොහු කර්මාන්ත ශාලාවකද.."මොන මගුලක්ද.. ඉඳහම්කො.. මට මොනාහරි කිව්වොත් අපේ ක්ලාස් එකේ කොස්ස උස්සපු එකාට ගහලා , ඔය පිපෙට් අයියටත් බැනලා , ප්‍රින්සිපල්ටත් බැනලා එන්නෙ අද..
සෙතිනුවා දිහා බලලා එහා පන්තියෙ උන්ටත් රවලා මම ගැම්මට ඇවිදගෙන යන පිපෙට් අයියා පස්සෙ ගෑටුවා.. ගුටි කාපු එකාත් මං පස්සෙන් එනවා මම දැක්කා..
පිපෙට් රූම් එක ඇතුලට යනකොට අයියා ඉන්නවා පුටුවක වාඩිවෙලා.. ගුටි කාපු එකා එනකම්ම හිටපු අයියා අන්‍තිමේ කතා කරන්න ගත්තා..
" ඔය මල්ලිගෙ නම මොකක්ද.."
අයියා ඇහුවෙ ගුටි කාපු එකා දිහා බලලා..
" අයියෙ මම තිවංක.."
" ම්ම්ම්.."
" එතකොට ඔය මල්ලි.."ඊලඟට පිපෙට් අයියා මගෙ පැත්තට හැරිලා ඇහුවා..
" මං සයාෂ්.."
" සයාෂ් විතරද.."
" සම්පූර්ණ නම කියන්න.."" සයාෂ් මෙත්නිදු දිසානායක.."
YOU ARE READING
සුදු අරලිය...
Non-Fiction" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේ...
සුදු අරලිය මල් කිනිත්තේ පළමුවැනි කුසුම...
Start from the beginning