මතක හිටින්නත් කලින් ම පපාගෙ උණුසුම නැති වුණාට එයාගෙ බයොලොජිකල් අප්පා එයා දිහා බැලුවෙවත් නැති වුණාට ඒ පුංචි පැටියගෙ ලෝකෙ හිස්තැන් තිබුණෙ නැහැ...බලන කෙනෙක්ට ඒ දරුවා අවාසනාව අතේ ගුළි කරගෙන ඉපදිලා කියන්න පුළුවන්කම තිබුණත්...ඒ දරුවා අඬනවා බලන් ඉන්න බැරිව තමන්ගෙ නොවෙන දරුවෙක් වෙනුවෙන් තමන්ගෙ ලේ කිරට හරවපු ජිමින් කවදාවත් ඒ දරුවගෙ ලෝකෙ හිස්තැන් තිබ්බෙ නෑ...

යුංගි වුණත් ඒ පුංචි පැටියගෙ හිනාවක් වෙනුවෙන් ඕනම දෙයක් කරන තරමට ඒ දරුවට ආදරේ කළා...එයා යුංගිගෙ පාළු ජීවිතේ බලාපොරොත්තු නොවුණ තරම් පාට කළා...

අනිත් අතට ජන්කුක්...කින්ඩම් එක අතාරලා ම දාලා ආව ජන්කුක් යුංගිගෙ කම්පනි එකේ ම ඉන්ජිනියර් කෙනෙක් විදියට ජොබ් එක කරගෙන ගියත් ඒක කොල්ලා කළේ කම්මැලිකම යන්න...ජන්කුක්ට සල්ලි අඩුවක් තිබුණෙ නෑ... ඉතින් දරුවගෙ ලෝකෙ එයූට වෙන්නෝන කියලා හිතුණෙ මොන විදියද ඒ විදියට හදන්න ජන්කුක් දෙපාරක් නොහිතා සල්ලි විසි කළා... පුංචි පැටියට කියලා හදපු නිල් පාට කාමරේ දැනට ම අඩියක් ගහන්න බැරි තරම් සෙල්ලම් බඩු ගොඩකින් පිරිලා... ළඟදි ජන්කුක්ට දරුවා තනියම ඉද්දි පාළුයි කියලා හිතිලා ම දරුවට පුංචිමවත් හානියක් වෙන්න බැරි විදියට හයි ටෙක්නොලොජි යූස් කරලා හදපු දරුවා සයිස්ම වගේ රොබෝ ගෙනෙක් පවා ජන්කුක් අරන් ඇවිත් තිබුණා...දරුවා කරන කරන දේ ඒ රොබෝ මිරර් කරනවා...

යුංගි දැනටම හිතන් හිටියෙ දවසක ජන්කුක්ට දරුවා අප්පා කිව්වොත් තමන් ඒකට පුදුම වෙන්නෙ නැහැ කියලා...

යුංගි දන්නවා දරුවා ඉපදුණ දවසෙත් ජින් නම්ජුන්ගෙ අත හෙව්ව තැන ජින්ට අත දුන්නෙ ජන්කුක්.... තමන් ජිමින් තරමට ම දරුවා ලැබෙනකල් ම ජින්ව බලාගත්තෙ ජන්කුක්... කොල්ලගෙ රස්තියාදුකාර සෙල්ලක්කාර ජීවිතේ වගකීමක් කියලා දෙයක් ජන්කුක් අඳුර ගත්තෙ මේ දරුවගෙන්...

"කෝ ඔන්න...බූම් බූම් බූම්...ප්ලේන් එකක් එනවා...අර බලන්නකො පුතූ..."
ජිමින් චූටි නිල්පාට වකුටු හැන්දට සුප් එකෙන් ටිකක් අරගෙන දරුවට ලිවින් ඒරියා එකේ එල්ලෙන කහ පාට ලයිට්ස් ඔන් වෙලා තියෙන ක්‍රිස්ටල් චැන්ඩ්ලියර් එක පෙන්නන ගමන් හැන්ද ප්ලේන් එකක් වගේ එහෙ මෙහෙ අරන් යනවා...

ජිමින් දරුවට කවන්න කියලා කරන වැඩ යුංගි බලන් ඉන්න වෙලාවට දරුවා කෙසේ වෙතත් කෑම එකක් අරන් අප්පා ළඟින් වාඩි වුණා නම් තියෙන තරමක් කවත හැකි...යුංගි ඒ තරමට වශී වෙලා කටත් ඇරන් බලන් ඉන්නවා...

The Destiny's ChoiceWhere stories live. Discover now