17 කොටස

94 21 0
                                    

මන් ගෙදර ගිහින් අහස් අයියාට msg එකක් දැම්මා.

ඒකට reply ආවේ ඒ ගමන්ම.

අවුලක් ගියේ නෑ නේද ???

නෑ තාත්තා ආවේ මන් ආවට පස්සේ....
අයියා කෑවද???

ඕ.... ඔයා??

මාත්... දැන් හෙට ක්ලාස් එකක වැඩ වගයක් කරන්න තියෙනවා. ඒක කරන්න ඕනේ.

ආ හරී... එහෙනම් ඔයා වැඩ ටික කරගන්න.
හෙට කීයට විතරද එන්නේ?

හවස ක්ලාස් ඉවර වෙලා එන්නම්...
හරී....

පහුවදා ඉස්කෝලෙත් ගිහින් හවස ක්ලාසුත් ඉවර වෙලා මන් අමිදු අයියලගේ දිහාට ආවා.

දැන් මල්ලී.... ආන්තික පිරිවැය ඔය සමීකරණෙන් හෙව්වට අනිත් ඒවා ඕකෙන් හොයන්න බෑ...

ඒ ඇයි ඒ???

ඒ ඇයි කියලා උබට වැඩක් නෑනේ.... මේක හොයන්න වෙනම සමීකරණයක් තියෙනවා.
අහස් අයියා එහෙම කියද්දි මට එලියේ ඉදන් හිනා ගියා. ඇත්ත මේකගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියහම එපා වෙන එක සාදාරනයි.

ඒ වුනාට අයියේ එක සමීකරණයක් තිබ්බනම් ලේසිනේ... නැද්ද මන් කියන්නේ....
අඩේ... තිලින අයියා....

එතකොට තමා දුමිදු මල්ලී මාව දැක්කේ.
මන් ගෙදර ඇතුලට ගියා. අහස් අයියාගේ මූනේ තියෙන තරහව නැති වෙලා හිනාවක් ආවේ මන් බලන් ඉද්දිම .

කෝ අමිදු අයියා නැද්ද ??
මන් ඇහුවා.

‍යාලුවෙක්ගේ ගෙදර යනවා කියලා ගියා.
එහෙනම් බුදු සෑර්... ඔම්‍යලා කතා කරන්න. මන් කැපෙන්නම්.

එහෙම කියලා දුමිදු මල්ලි එයාගේ කාමරේට ගියා.

අහස් අයියා මන් දිහා බලාගෙන ඉන්නවා. මන් ඉක්මනට අහක බලාගත්තා.
ආයෙම බලද්දී ආයෙම බලන් ඉන්නවා.

මොකෝ???

ඔය tshirt  එකට ඔයාව ලස්සනට පේනවා.

මන් මන් දිහාම බැලුවා.
ගිය පාර birthday එකට අම්මා අරන් දුන්න tshirt එක. අපේ අම්මා විශ්වාස කරන දෙයක් තමා ලා පාට මට ලස්සනයි කියලා . මොකද මන් එච්චර සුදු නැති නිසා.මේක ලා කහ පාටයි. අම්මාගේ කතාව ඇත්ත වගේ.

ඇත්තටම ???
මන් ඇහුවේ හිනා වෙවී.

ඔව්... ඇත්තටම තමා කිව්වේ.

The Sunset Where stories live. Discover now