"දැන් , මේ බලන්න , ටීශර්ට් එකේ පිට පැත්ත.."
ඩේවිඩ් යිබෝ පිටිපස්ස බලන් ඉන්න ෆොටෝ එකක් තෝරලා ඒක zoom කලා..

ඒකේ english අකුරු වලින් ගහලා තිබුනේ වාක්‍යයක් .

Free
Vibrant
Yes, it's a Different country ..

ඒක දැකලා මෙතන හිටිය හැමෝගෙම හුස්ම හිරවුනා වගේ සද්ද පිටවුනා.
මුලු කාමරයම ඊලගට ගිලුනෙ බය හිතෙන නිහඩතාවයක..

යිබෝ අත් දෙකෙන්ම නලල අල්ලාගෙන පුටුවෙ වාඩිවුනා නෙවෙයි. පුටුවට වැටුනා.
Zhan ඒ ලගින්ම වාඩි වෙලා එයාගෙ උරහිස වටා අත දාලා තුරුලට ගත්තා.
අත් දෙකෙන් මූණ වහගෙන නිසා මට යිබෝගෙ මූණ පේන්නෙ නෑ. ඒත් zhan ගෙ මුහුණ මට පේනවා.
So gloomy . So serious !!

ලොකු අනතුරක පෙරනිමිති පේනවා වගේ මේ හැමෝම හැසිරෙන්නෙ ඇයි.
මෙතන මට නොතේරෙන චීන ජාතිකයන්ට විතරක් තේරෙන දෙයක් තියෙනවද..

................❤️💚

" wu chang , යිබෝට වතුර එකක් ගේන්න පුලුවන්ද? "
Zhan ඇහුවා.

" හරි බොස්"
Wu chang පෑන්ට්‍රි එක පැත්තට යනකොට මාත් එයාගෙ පස්සෙන් ගියා.

" wu chang , මට තේරෙන්නෙ නෑ මොකද වෙලා තියෙන්නෙ කියලා . මොකක්ද ඒ ඩිසයින් එකේ අදහස?? එතකොට ටීශර්ට් එකේ පිටිපස්සේ තිබුන වාක්‍යය දැකලා හැමෝම ඒ තරම් කලබල උනේ ඇයි?? "

" රයන්.., ඒ ටීශර්ට් එකේ ඉස්සරහ තිබුනෙ තායිවානයෙ ජාතික කොඩිය.. "

" තායිවාන කොඩිය?? "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" තායිවාන කොඩිය?? "

" ඔව්. එතකොට පිටිපස්සේ a free , vibrant , different country කියලා තිබුනෙ තායිවානය ගැනයි."
වතුර එක ෆිල්ටර් එකෙන් ගන්න කොට wu chang ගෙ අත් වෙව්ලනවා.

" වෙන රටක ජාතික කොඩිය වගේ ඩිසයින් එකක් තියෙන ඇදුමක් අදින එක මෙච්චර අවුලක් වෙන්නෙ කොහොමද wu chang ? අනික ඒ වාක්‍යය නරක දෙයක් නෙවෙයිනෙ."

මම කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now