ඒ වෙද්දිත් නම්ජුන් සටනට මැදිහත් වෙලා හිටියෙ නවීන ආයුධ වෙනුවට හන්ටර්ස්ලා කඩු කිණිසි යොදාගෙන තියෙද්දී...යුංගිත් තමන්ගෙ කඩුව කොපුවෙන් එළියට අරන් සටනට දායක වුණේ පන්දම් එළිවලින් ආලෝකමත් වෙලා තිබුණ බ්ලැක් මූන් මැදුරේ හැම තැනක ම වගේ සටන් ඇවිලෙද්දි...යුංගි බලාපොරොත්තු වුණාට වඩා පිරිසක් හන්ටර්ස්ලට හිටියා...

තව කවුරුහරි උදව් කරනවා වගේ පේනවා...

යුංගිට එහෙම හිතුණත් ඒවා කල්පනා කරන්න තරම් නිදහසක් යුංගිට තිබුණෙ නෑ...

.

.

.

.

.

.

සටනේ තත්වය තවත් දරුණු කරමින් ක්‍රමක්‍රමයෙන් කුණාටුවක් ආරම්භ වෙද්දි අහස පුරා දම් පාටට අකුණු පිපිරුවා...

"හ්වාආආආආ!!!"

"ආ ආආ ආආආ....ශ්ශ්ශ්...ඒක හරි... පපා ඉන්නවා පුතේ..ශ්ශ්ශ්...ම්ම්ම්...."
තමන්ට ගුළිවෙලා නිදාගෙන හිටිය පුංචි පැටියා සද්දෙට පුපුරපු අකුණෙ හඬට ගැස්සිලා ඇහැරිලා තත්පර ගානකින් ඒ අහස් නිල්පාට ඇස්වල කදුළු පුරවගෙන කෑ ගහලා අඬද්දි ජිමින් දරුවව පපුවට තුරුල් කරගෙන ම දෙපැත්තට පද්ද පද්ද කුටිය ඇතුළෙ එහෙ මෙහෙ යන්න ගත්තෙ ජන්කුක් අතට අහුවුණ මල්ලකට දරුවට ඕනෙ කියලා හිතුණ දේවල් එකතු කරද්දි...

එළියෙ අතට වැටුණත් රිදෙන ගානට වැටෙන මහ බර වැහි බින්දු එක්ක සැරට හුළඟ හමද්දි නරවෘකයන් විසින් ම ඇති කරගත්ත හිත් අමනාපකම් නිසා ඇවිළුණ යුද්ධය අතරෙ තවත් කුණාටුවක් හැමුවත් කාටවත් ඒ ගැන අවධානයක් යොමු කරන්න වෙලාවක් තිබුණෙ නෑ...

"කූ..."

"ද්වාරය විවිර කරනු!! අප දැනුවත් මින් යුංගිගෙ සුරූපී ඔමේගා මෙහි තනිව වෙසෙන බව!! "
කුටියෙ දොරට හතර පස්දෙනෙක් පා පහරවල් එල්ල කරනවා කියලා තේරුම් යද්දි ජිමින් දරුවව ඔතලා තිබුණ රෙද්දෙන් ම තව ටිකක් ඔතාගෙන පපුවට තුරුල් කර ගන්න ගමන් ජන්කුක් දිහා බලද්දි ජන්කුක් හදා ගත්ත ගමන් මල්ල හරහට කරේ එල්ලගෙන ජිමින්ගෙ අතින් ඇදගෙන තවමත් ඇරලා තිබුණ ජනේලෙ ළඟට දිව්වා...

The Destiny's ChoiceWhere stories live. Discover now