තිස් වෙනි කොටස

Start from the beginning
                                    

වෙලාවකට නිකිලුත් හරියට පොඩි ළමයෙක් වගේ.. මගේ ආදරේ කාත් එක්කවත් බෙදාගන්න එයා පොඩ්ඩක්වත් කැමති නෑ... මගේ පිස්සු කොල්ලා... තේ එකත්  අරන්  මාත් නිකිල් පස්සෙන් ගියේ කොහොමහරි මගේ සුද්දව යාලු කරගන්න හිතාගෙන...

" මේ සුද්දෝ.... "

" යන්න ගිහින් පූසා එක්කම ඉන්න... "

" පිස්සුද අනේ මට පූසෝ එපා... මට ඕනි ඔයාව... මං ආදරෙයිනේ ඉතින්... "

" මටෝන්නෑ..."

" කෝ ඉතින් උම්මා එකක් දුන්නම යාලු වෙනවලු හරිද ? "

" බෑ... "

" එහෙනම් වෙන මොනවාහරි ලොලිපොප් වගේ දෙයක් දුන්නොත්...."

මං ඇහැකුත් ගහලා නිකිල්ව මගේ උකුලටම ඇදලා ගත්තේ වල් හිනාවකින් එයාගේ තරහ ගිය මූණ පිරිලා යද්දී...

" තමුසේ මහ වල් ගහක් ඕයි අයියේ..." 

"වල් පැලයක් එක්ක ඉද්දී එහෙම තමා... "

අතින් බොරුවට මාව එහාට තල්ලු කරන නිකිල්ව ඇදලා අරන් තුරුල් කරගෙන මං එයාගේ කටු කටු රැවුල් ඇනෙන කම්මුල් දෙක මගේ ග්‍රහණයට ගත්තා.. මුරණ්ඩුකම ඉහටත් උඩින් තියෙන තියෙන මගේ දඩබ්බර කොල්ලා තාමත් මාව එයාගෙන් ඈතට තල්ලු කරනවා.. බංකුවේ එහාට මෙහාට දඟලලා අන්තිමේදී නිකිල්ව ගහටම හේත්තු කරගත්තු මං එයාගේ තොල් මගේ වලින් සීල් කරගත්තේ එච්චර වෙලා දඟලපු කොල්ලව ගල් පිලිමයක් වගේ සන්සුන් වෙද්දි... දෙන්නම ඒ හාදුවේ පහසට දැහැන් ගත වෙද්දී එකපාරටම ගේට්ටුව කඩාගෙන ඇතුලට ආපූ කළු පාට ප්‍රාඩෝ එකක හෙඩ් ලයිට් එකයි කන් බීරී කරවන හෝන් එකයි අපි දෙන්නවම ක්ෂණයකින් දෙපැත්තකට වෙන් කරලා දැම්මේ හරියටම හෙනයක් ගැහුවා වගේ...

 දෙන්නම ඒ හාදුවේ පහසට දැහැන් ගත වෙද්දී එකපාරටම ගේට්ටුව කඩාගෙන ඇතුලට ආපූ කළු පාට ප්‍රාඩෝ එකක හෙඩ් ලයිට් එකයි කන් බීරී කරවන හෝන් එකයි අපි දෙන්නවම ක්ෂණයකින් දෙපැත්තකට වෙන් කරලා දැම්මේ හරියටම හෙනයක් ගැහුවා වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
    Frozen Romance  ( මිදුනු හදවත් ) Where stories live. Discover now