දහඅටවෙනි කොටස

55 12 10
                                    



අක්කලගේ ගෙදර ඇවිත් අදට දවස් තුනක්... නිවාඩු ඉවර වුනත් හැමදාම අපි දෙන්නා විතරක් ඉද්දී දැනෙන තනිකම පාළුව නැති වෙලා නිසාමදෝ මටවත් නිකිල්ටවත් ගෙදර යන්න නම් හිතුනෙම නෑ... මටත් වඩා නිකිල්ට.. එයා බබා එක්ක මුළු දවසම ගෙව්වේ හරි ආදරෙන්.. කෑම කවන එකේ ඉදන් බබාව සෝදන එක වෙනකම් හැම වැඩක්ම නිකිල් අම්මත් එක්ක එකතු වෙලා කලේ හරිම කැමැත්තෙන්...

බබා නිකිල් අතේ ඉන්න හරිම කැමතියි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බබා නිකිල් අතේ ඉන්න හරිම කැමතියි.. ඒ මල් පෙත්තක් පරිස්සං කරනවා වගේ හරිම පරිස්සමෙන් බබාට රිද්දන්නේ නැතුව එයා බබාව තියාගන්න නිසාම වෙන්නැති... බබා නිකිල් එක්ක ඉන්නවට මාත් කැමතියි... වෙන කොතනකදීවත් මං නිකිල්ගෙන් දකින්නේ නැති හරි ලස්සන හිනාවක්, දිලිසෙන ඇස් දෙකක් ඒ වෙලාවට නිකිල්ගෙන් පේනවා... සතුටින් ඉන්න තැන් වලින් ඉක්මනට අයින් වෙන්න එපා කියනවා නේ, ඒ නිසාම දෙන්නම වැඩ කරන තැන් වලට කෝල් කරලා සදුදාට ලීව් එකක් දාගත්තේ හඳ මාමට පින්සිද්ද වෙන්න අඟහරුවාදාටත් නිවාඩු නිසා තව දවස් දෙකක් මෙහේ ඉදලා යන්න හිතාගෙන.... මට නම් නිවාඩුව ලේසියෙන් ඇපෲ වුනාට නිකිල්ට නිවාඩුව හදාගන්න එක ලේසි වුනේ නෑ.. හවස් වෙනකන්ම ට්‍රයි කරල ට්‍රයි කරලා බැරිම තැන අපි දෙන්නා රෑ අටට විතර එහෙන් ආවේ පහුවදාට වැඩට යන්න හිතාගෙන..

එදා උදේ ඉදන්ම තිබුණේ ටිකක් වැසිබර කාලගුණයක්... හවස් වෙන්න වෙන්න ඒක වැඩි වුනත් වැස්සත් නොබලාම අපි පිටත් වුනා.. රෑ අටටත් තිබුණේ මහා රෑ දොළහා පහුවෙලා වගේ ඝන අන්ධකාරයක්... කළුවරත් වැඩි නිසාම ඉක්මනින් ගෙදර යන්න හිතාගෙන අපි වෙනදා එන පාරෙන් නැතුව ශෝර්ට් කට් එකකින් එකකින් ගෙදර එන්න අතුරු පාරකට හැරෙව්වා.. වැස්සයි, සීතලයි, කෑලි කපන්න පුලුවන් තරම් ඝන අන්ධකාරයි එක්ක බයික් එකේ තුරුල් වෙලා යද්දී දැනුනේ වෙනමම ෆීලින්ග් එකක්... රෑස්ස ගස් වලින් වැහිලා තිබුණු පාරේ බලු බල්ලෙක් හිටියේ නෑ..  වේගේ වැඩි කරලා ඉක්මනට ගෙදර යන්න හිතාගෙන බයික් එක රේස් කරද්දිම එකපාරටම අමුතු සද්දයක් ඇවිත් බයික් එක එතනම නතර වුනා... වාහන කියන ජාති ඔහොම්මමයි.. ඕනිම තැන් වලදී ලෙඩක් දුන්නේ නැත්තම් ඒක වාහනයක් නෙවෙයි...

    Frozen Romance  ( මිදුනු හදවත් ) Where stories live. Discover now