මේකි නවතින පාටක් නෑ....ඒ නිසා බැරිම තැන ගිහින් ඔලුවට එලොව පොල් පේන්න හොද පොල් ටොක්කක් ඇන්නා

යෝ...හ් මොන #කා ද යකෝ අ...

ඔව් ඔව් මොන #කාද ?...ප්‍රභාත් #කා...

අඩොහ් උඹ කොයි වෙලේද ආවෙ බං ?

ආවනෙ කොයි වෙලේ හරි...ඈ බං...තොට මොංගල් ද යකෝ ?

ඇයි අහන්නෙ...?

නෑ මට පේන නිසා

අනේ පලයං උත්තො යන්ඩ

මේකි ඔලුවක් කස කස හෙඩ් සෙට් එකත් ගලෝලා මේසෙ උඩින් තියලා මා එක්ක කට ගහගෙන කුණු හරුප පලන්න එනකොට ආයෙම සැරයක් අත දිග ඇරලා පිටට ඩෑස් පාරක් කෙලලා ඇරියා තරු පිට තරු පේන්ඩ...ඇයි යකෝ ඔය කියන එක කුණු වචනයක් නැන්දට ඇහුනා නං ඉවරයිනෙ

ඌ..යියාහ් යකෝ...දෙන්නෙ උම්බට

ඇයි ඇයි ගහන්ඩ ද ඈ...ගහපිය බලන්ඩ...අඹරනවා අත

මටත් මක් වෙලාද මන්දන්නෑ ඒකි එක්ක බොරුවට එල්ලෙන්න ගත්තා...සමහර විට මට අවදානෙ නොදුන්න නිසා වෙන්න ඇති...එක්කො රණ්ඩු වෙන්න මට ගෙදර එකෙක් නැති නිසා ඒකිගෙ පිටිං ඒ සේරම යවන්නද කොහෙදෝ...අපි දෙන්නා බොරු හේතුවකට අතපය විසික් කර කර මරා ගන්නකොට මල් කඩන්න ගිය ඇන්ටි කාමරේට ඇවිදින් දෙන්නටම අඩුවක් නැතුවම පිටවල් පුපුරන්න කෙලලා ඇරියා දෙක දෙක...ඇන්ටිගෙන් පාර කාපු අපි දෙන්නා මොක්කුද වගේ ගිහින් ඒකිගෙ ඇදෙන්ම ඉදගෙන මාරුවෙන් මාරුවට පිට අත ගාගත්තා...ඒ තරං ඒ පාරවල් සැරයි...කසනවා කසනවා වගේ

යෝහ්...බලපං මං ගුටි හතරක් කෑවා...පිට නෑ වගේ තොගෙන් දෙකයි අම්මගෙන් දෙකයි සැහ්...තොට මාන්දමද මං අහන්නෙ...මට ඇවිත් කතා කරා නං එකක්නෙ ගහන්න තියා ගත්තෙ....බල්ලා තෝ....බල්ලා නෙමේ ඇල්සේසන් බල්ලා...ගස් හිවලා...

හරි දැන්නං ගස් හිවලා කියලා මූනටම අහගත්තා...අනේ මන්දා මුංගෙ කටේම ඉන්නෙ ගස් හිවල්ලු...මං නං දැකලා නැ ගස්වල නරියො ලගිනවා...ඒ අස්සෙ මගෙ පිට අත ගාන ගමං මේකි කොනිත්තනවා මට බැන බැන...මං කං දෙකත් පාත් කරගෙන ඔහෙ අහං හිටියා තෝ ඕනෙමගුලක් කියපං කියලා

ඇයි තෝ මෙහෙ ආවෙ...කියපං බලන්න

ඒකි පිට අත ගාන එකත් නවත්තලා දැං ආවෙ ඇයි අහනකොට මං ඒකිගෙ පැත්තට හැරුනා...මට කියන්ඩෝනෙ අද මට වෙච්ච කෙරිච්ච දේවල්...මට මක් වෙලාද කියලා මට අදහසක් ගන්ඩෝනෙ...අද පොඩි එකාව වෙනදට වඩා ලස්සනට පෙනුනෙ ඇයි අහන්ඩෝනෙ...ඒත් විලි වහගෙන මං කොහොමද මෙව්වා අහන්නෙ..."තොපිලා එහෙං මෙහෙං ඇද උනාට මං තනි කෙලිං" කියපු මං මෙව්වා අහනකොට ලැජ්ජා හිතෙන්නෙ නැත්තෙ මොකාටද....විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ

රත් මල් ~ [Yizhan]Where stories live. Discover now