Episode 5

127 23 7
                                    


"Good morning my precious.."

ටේහියුන්ග්ගේ අඩවන් ඇස් වල අනුරාගී බැල්මට ජන්කුක් ඇතුලාන්තයෙන් දියවෙමිනුයි උන්නේ..

හෘදවස්තුව ගිනිකන්දක් පුපුරා ලාවා ගලන්නාක් මෙන් දැවෙද්දි ටේහියුන්ග්ගේ සීතල බැල්ම හමුවේ ග්ලැසියර් පිරුනු ගුහාවක අසරණ වූ හැඟීම් ගොන්නක් ජන්කුක්ට දැනෙන්නට විය..

ඒ හඩේ තිබුන රළු ස්වභාවයත් තමන්ට දුන් අලුත් නාමයත් නිසා ජන්කුක් ඉදියේ කිසිවක් හිතාගන්න බැරුව කලබලව...තමන් මෙ දකින්නේ පෙර දැකපු සිහිනයේම කොටසක්ද කියා සිතාගැත නොහැකිව ඔහු තම අත හයියෙන් කොනිත්තාගෙනත් බැලුවා..නෑ ඔහු සැබෑවටම තමා ඉදිරියේ ඉන්නවා..

ඒ අඩවන් ඇස් වල කාන්තිය , නළලට වැටුනු අකීකරු කෙහෙරැලි ,සිනාවනවාද නැද්ද කියාවත් සිතාගත නොහැකි කට කොනෙහි ඇදුනු ඒ ගුප්ත සිනා රැල්ල , රුධිර පැහැති සිහින් තොල් පෙති ,රටාවකට ඉහල පහල යන ඒ ආදම් ඵලය,ඇරුනු උඩ බොත්තම් වලින් නිරාවරනය වන රන් පැහැති සිරුර, කාලවර්ණ සිහින් සළුවෙන් ආවරණයව තිබෙන මනාව සැකසුනු සිරුර ,නීල වර්ණයෙන් ඉලිප්පී පෙනෙන කේෂ නාලිකා හා එම පිරිපුන් දිගැටි ඇගිලි..

ටේහියුන්ගේ රූපස්වභාවය කැන්වසයක් බඳු තම සිතෙහි සිත්තම් කරගැනීමට ජන්කුක්ට ගතවූයේ තප්පර කිහිපයකී..ටේහියුන්ග් දුටු කෙනෙක් ඔහු ග්‍රීක දේවතාවෙකු කියා රැවටෙනු නිසැකය..මිනිසෙකු මෙතරම් සුන්දර වන්නෙ කෙසේද??..මේ සා තේජසකින් හෙඹි රූපයක් මිනිසෙකුට පිහිටාවිද??..

ටේහියුන්ගෙ මනරම් පෞරුෂත්වයෙහි අතරමං වූ ජන්කුක් නිවැරදි සිහියට පැමිණෙද්දිත් ඔහු ප්‍රමාදයි..මොකද ඒ වෙද්දිත් ටේහියුන්ගේ බරැති උණුසුම් සුසුම් රැලි ජන්කුක්ගේ සිරුරෙහි වැදෙමිනුයි තිබුනෙ..

ටේහියුන්ග් තමා අසලට ආවේ කොයිවෙලාවෙද??..ඒ කෙසේද??..ඔහු පැමිනෙන වගක් තමා නොදුටුවේ මන්ද??..ජන්කුක්ගෙ සිත උභතෝකෝටික ප්‍රශ්න ගොන්නක් මුදාහැරියා..

ටේහියුන්ගෙ සිරුරින් හමා එන ලැවෙන්ඩර් සුවද තම නාස්පිටු අගින් ඇතුල්වී ශ්වාසනාල හරහා ඇතුලාන්තයට ගමන් ගන්නා අයුරුත් ජන්කුක්ට දැනෙන්න විය..පෙර අඩවන්ව තිබූ දෑස් දැන් වූයේ හකුළුවන තරමේ කුතුහලයකිනී..

The Half Moon || taekook (hold)Where stories live. Discover now