Episode 4

88 18 7
                                    


අවු.12 පෙර...

ඉතින් තවත් අලුත් දවසක සුන්දර සැඳෑවක කුකී බබා සුපුරුදු පරිදි එයාගෙ යාලුවොත් එක්ක සෙල්ලන් කරන්න ඇවිත්..හැබැයි අද ඉන්නෙ කුකී බබාගෙ චුක්කියා විතරයි..කුකී බබා චුක්කියත් එක්ක ගුහාවට එපිටින් තියෙන ගං ඉවුරට වෙලා බෙරි ගෙඩි කනවා..කුකීට එකයි චුක්කිට එකයි කිය කිය පැටියා ඉවුරෙ තියෙන බෙරි ගස් ඔක්කොම අයිතිකරගෙන..

ගං ඉවුරෙන් එපිට තියෙන්නෙ තහනම් සීමාවක් වුනත් බෙරි ගෙඩි දැකපු කුකී බබාට ඒ ඔක්කොම අමතක වී ගොසින්..පැටියා වරුගානක් මෙතන ඉදන් බෙරි කනවා..

මේ අතරෙ රැලේ සගයන්ව හමුවී එන කුකී බබාගෙ අප්පා කුකි ඉන්න තැන දැක්කලා කලබල වී දුවගෙන කුකි බබා ගාවට දුවන් එන්න හැදුවා..එත් පිටි පස්සෙන් ආපු අතක් එයාව ඇදලා අරන් ගහකට හිර කරගද්දි කුකී බබාගෙ අප්පාට කුකී බබාගැනත් අමතක වෙලා ගියා..

අවුරුදු ගණනාවකට පෙර තමන් වංශයක විනාශයට හේතුවූ බවත් තමන් ද්‍රෝහි වුනේ තමන්ගේම රජකුමාරයාට වීමත් ඒ කුමාරයාගෙ අයිතිකාරයා තමන්ගේ දෑස් ඉදිරියේ නැවතත් මේ අයුරින් දකිද්දි කවරෙකුටද තම සිහිය විකල් නොවී රදවා ගැනීමට හැකිවන්නෙ...

ඒ ඉදියේ ටේහියුන්ග්..රාජ්‍යන් දෙකෙහිම පක්ෂපාතී සේවකයෙකු ලෙස ඉද තම ස්වාමියාටම ද්‍රෝහි වූ ඔහුව අදුරාගැනීමට ටේහියුන්ට හැකිවිය..අවුරුදු ගානක් තමන් හොයපු ඒ ද්‍රෝහියා එකවර තම ඉදිරියට එද්දි ටේහියුන්ග්ද තමන්ගේ පාලනෙන් ගිලිහුණී..

ටෙහියුන්ග්ද ගං ඉවුරට ආවෙ කුකී බබාව දැකපු නිසයි..නමුත් කුකී බබා දෙසට වේගයෙන් ගමන් කරපු අර පුද්ගලයාව දුටු විට කේශ නාලිකා පවා රත්වී පුපුරන්නට තරම් ආවේගයක් ඇතිවිය..

"අපි ආයෙත් හමුවුනා..ජියොන්ගුක්.."

"ක්..කුමර්රුනි.."

"හැමදාටම බේරිලා ඉන්න පුළුවන් කියලද හිතුවේ ජියොන්..තමුන්ගේ වැරදිවලට දඬුවම් විදින්න ලෑස්තිවෙනවා.."

"කුමරුනි..නැ නෑ..එපා...මට යන්න දෙන්න මගේ මගේ.."

.
.
.

එකපාරටම කුකී බබාගෙ ගෙල පලදනාව දිලිසෙන්න ගද්දි පැටියා හිතුවෙ එයාගෙ ටේටෙ ඇවිත් කියලා..කුකී බබා ඉක්මන්ට බෙරි ගොඩෙන් නැගිටලා ඇවිත් වටපිට බල බල ටේහුයුන්ග්ව හෙව්වා..ඒත් කුකීට ටෙටේව හොයාගන්න බැරිවුනා..පැටියා ඉදපු ඉවුරලග බොරළු සද්දයක් ඇහෙද්දි කුකී හිතුවේ ඒ ආවේ ටෙටේ කියලා..ඒත් අවාසනාවක මහත නම් එතනට ඇවිදින් තිබුනේ පිටුවහල් කරපු වැම්පයර් කන්ඩායමේ සාමාජිකයෙක්..

The Half Moon || taekook (hold)Where stories live. Discover now