21.)කොටස 🌸

Comincia dall'inizio
                                    

ඔයා  එහෙම කලා කියල වෙනසක් උනාද....

මුලින් නම් උන්නෑ, පස්සේ මන් තව එයාට වැදෙන්න චිට් පවා ලිව්වා.. කියෙව්වද නැද්ද දන්නෑ, හැබැයි තාත්ත කිව්වා මන් කැම්පස් ආවට පස්සේ වගේ එයා වෙනස් උනා කියල... ඒ කියන්නේ ගිය අවුරුද්දේ අවසානෙ මන් අතින් අර පූල් සිද්දියෙනුත් පස්සේ.... දැන් එහෙම එයා බොරු දේටත් කෑ ගහන්නෑ කියල තාත්තා මට කිව්වා...ශෙලීන් අයියා දැන් ටිකක් කන්ට්‍රෝල් කියල කිව්වා...

ම්ම්.... මටත් අයියගෙ ලොකු වෙනසක් ඒ කාලෙ වගෙ ඉදන්ම තේරුනා...

අභී... ඒ කියන්නේ අයියා ඉස්සරට වඩා දැන් වෙනස්ද.....

ඔව්, ඔයා දන්නෑ, ඉස්සර ලගින් ගියත් ඇහැක් නෑ වගෙ... දැන් එච්චරම ඒ ගතිය නෑ... හැබැයි තරහ ගියොත් ඉවරයි ...

එකපාර වෙනස් වෙන්න හේතුව ....

ඒක මාතේ දවස් වල හිතුවා... මන් හෙව්වා, ඒත් මට හොයාගන්න බැරි උනා....

ඒ කියන්නේ ශෙලීන් අයියා ඉස්සර මේවගේ නැද්ද.... ඇයි එයා යසියට මොකුත් නොකියම යන්න ගියේ...
මේක නම් බොන්න ඕනෙ ප්‍රෂ්නයක්..

.
.
.

දේවා මන් යනවා බන්..

කොහෙද උබ යන්නෙ...

යසියා ඉදගෙන හිටපු තැනින් එකපාරම නැගිට්ටේ යනවා කියාගෙනමයි...

බෝඩිමට..උබ අදීල් අයිය එක්ක හිමීට වරෙම්... මන් යනවා...

මොකෝ බන් උබට එකපාර උනේ... දැන් කොහොමද යන්නේ...

බස් එකක යන්නම්... මන් ගියා,අදීල් අයියට කියන්න මන් ගියා කියල..

ඒ ඔහොම හිටහන්...

මේ යකාට මොකෝ මේ උනේ.. එවේලේ ඉදන් යකෙක් ගහල වගේ ඉන්නේ... මන් දැන් හොදට නෝට් කරන් හිටියේ... යසියා හිටියේ සිහියෙන් නෙමේ... නිතරම කටට අතක් තියන්, ලිපස් අල්ල අල්ල හිටියේ... මෙතන මොනා හරි වෙලා තියෙනවා... මූ මගෙන් මොනා හරි හංගනවා... මන් හොයාගන්නම්කෝ ....

ධීවාන් කෝ යසිරු...

එයා ගියා අභි... ආ... ආන්ටි... ඔයා ආවාද අනේ... කොහෙද අප්පා මෙච්චර වෙලා ගිහින් හිටියේ....

චෙරි මල් 🌸 ( Complete ✔ )Dove le storie prendono vita. Scoprilo ora