"ආර්හ්...ම්-මම කිව්...වා යන්න කි..යලා කූ.."
ජින් අමාරුවෙන් ඇස් පියාගෙන බිත්තියට ඔලුව බර කරගෙන කියද්දි ජන්කුක් හිනාවෙලා අත පිහදන්න හැදුවත් හෙසෝක් එකනට සුදුළුෑණු කෑල්ලක් තියද්දි ජින් නහය අකල ගත්තා...

ජින්ගෙ තොල් අගින් තවමත් ජන්කුක්ගෙ ලේ බේරෙනවා...ජින්ගෙ ඇස් ආයෙත් අළු පාට ළවෙලා තිබුණත් ජින්ගෙ ඔලුව කැරකෙනවා වගේ දැනුණා...

"මොකක්ද ඒ වුණේ හ්‍යුන්?"

" මට රෆායෙල්ව කන්ට්‍රෝල් නැහැ ජිමින්...එයා පාලනය එයාට ගන්න රණ්ඩු කරනවා.."
ජින් කියද්දි ජන්කුක් හිනා වුණා...

"ආයෙත් ඕනිද?"
ජන්කුක් අත දික් කරලා අහද්දි ජින් ජන්කුක් දිහා ඒ මොකක්ද කිව්වෙ අහන්න වගේ බලද්දි ජන්කුක් හිනාවුණා...

"ඔයාට කන්න අප්පිරියයිනෙ හ්‍යුන්... පැටියා බඩගින්නෙ ඉන්න හොඳ නැහැ...ඉතින් මම ඇහුවෙ තව ලේ ඕනිද කියලා..."

"විකාර කරන්න එපා ජන්කුක්!! ඒක ඔයාට හොඳ නැහැ..."

"ඒත්..."

"ඉනෆ්...ආයෙ ඕනවට වඩා මට ළං වෙන්න එපා මම එපා කියන වෙලාවට...ඔයා ළඟ ඉද්දි විතරයි මට ලේ සුවඳට අමාරු වෙන්නෙ...

"සමහරවිට පොඩි ඇටයට උඹව දැන්ම ඉඳලා කන්න හිතිලා වෙන්නැති බං..."
යුංගි ඔක්කොම බලාගෙන ඉඳලා කියද්දි ජිමින් යුංගිගෙ බඩට වැලමිටෙන් ඇන්නා...

"ආ දැන් මම කනවා ඇති ඔයාව!! වදේනෙ මම ඕන්නෑ!! මම තරහයි!"
ජිමින් යුංගිගෙ මූණට කඩන් පැනලා ගස්සගෙන එළියට යද්දි ජින්, ජන්කුක්, හෙසෝක් තුන්දෙනා ම වුණ දේ පැහැදිලි කරන්න කියන්න වගේ යුංගි දිහා බලාගෙන හිටියා...

"ඔය කේන්ති ගිහින් ඉන්නෙ මට එයාගෙ බ'ත්ඩේ එක මතක නෑ කියලා හිතන්...රෑ වෙනකන් ඉන්න එපැයි තෑග්ග දෙන්න..."

"අපි ජින් හ්‍යුන්ගෙ පප්ට සෙල්ලම් කරන්න බබෙක් ගේමුද?"
යුංගි හිනාවෙවී කියද්දි ජන්කුක් ඇහැක් ගහලා කියද්දි හෙසෝක් සද්ද නැතුව අතේ තිබුණ වතුර එක බීලා කප් එක තියන්න යද්දි ජන්කුක් කිව්ව වාක්‍ය නිසා යුංගිගෙ හිනාව මැකිලා ගියේ තමන් කිව්ව කතාවෙ වැරැද්ද තේරිලා ජන්කුක් ජින් දිහා බලද්දි...

The Destiny's ChoiceWhere stories live. Discover now