20.) කොටස 🌸

Start from the beginning
                                    

ඇ...ඇයි ශෙලීන් අයියේ... මට ඔයා කියන දේ තේරෙන්නැ....

තේරෙන්නැද්ද.. තේරෙන්නෑ වගේ ඉන්නවද....ම්ම්...

මේ යකා... ඇත්තමයි අදීල්ගෙම අයියා තමා... දැන් නම් බඩබොකුත් එක්ක සීතල වේගෙන එන්නෙ.... මන් ලගටම ආපු ශෙලීන් අයියා මගෙ කන ගවට නැමිල එහෙම අහද්දි ඇගේ හිරිගඩුත් පිපුනා යකෝ...

ම්..ම්ම්..මොනව.. කියනවද මන්ද...

ගොත ගැහෙන්නෙ බය වෙලාද ඉන්නෙ...

න්න්නෑ...මට ගොතයක් ත්ත්..තියේ....

ඇත්තට ...හ්ම්..හ්ම්... කටට ගොත ගැහුනට මොලේ ගොතෙ ගැහෙන්නෑනෙ නේද... මීට අවුරුද්දකට කලින් උන දේ අමතක වෙන්න තරම්....

මොකක්....

ඒ කියන්නේ මූට මතකයි.. අපරාදේ එදා මට කෙලින්න තිබ්බේ මල් පෝච්චියකින්... මුගෙ මතකෙ අමතක වෙන්නෙ.... හැබැයි ඒක කරන්න අද උනත් බැරි නෑ....

එහෙම හිතාගෙනම මන් වටපිට බලද්දි මගෙ නේත්‍රා දෙකට හසූ උනේ, දේව ඉදන් ඉන්න සෙටිය ලගම තියෙන තඩි මල් වාස් එක....

ඇයි අද මල් පෝච්චියකින්වත් ගහන්නද යන්නේ..... ම්ම්....

මේ යකාට හිත් කියවන්නත් පුළුවන් ද ඒපාර..... හත්තික්කේ මුරුගා මාව බේරගනියෝ...

යසිරු  දෙව්සිතු .... වයස අවුරුදු 22 ...නිව්න් සහෝදරයෙක් ඉන්නවා... අම්මා ගෙදර ඉන්නේ... එතකොට තාත්තා මගෙ කම්පැනි එකේ අනුරාධපුර බ්‍රාන්ච් එකේ මැනේජර්... ම්ම්... එහෙම නේද.... මන් කිව්ව හරිනේ....

දැන් නම් මට හිතෙන්නේ මෙතනම වලක් කපක් වැලලෙන්න දෙයියනෙ...

මන් හරි නේද....

හ්..හරි....

අයියේ මොකද ඔය.. ඔය ලමය බයවෙලා කියල පේන්නැද්ද....

ඒ එක්කම මෙච්චර වෙලා කොහෙටද වහන් වෙලා උන්නු අදීල් අයියා දෙයිය වගේ ආවා..

බය  කරන්න නෙමේ වටින්නෙ.... චූටි ඔයා මෙයා ගැන දන්නවද....

මෙයා මගෙ ධීවාන්ගේ හොදම යලුවා... I mean... මගෙ හොදම යාලුවා ධීවාන්ගේ හොදම යලුවනේ.....

අදීල් අයියත් ඉල්ලන් කන්න වගේ යන්නේ...වෙලාවට ආයෙ හොදම යාලුව කිව්වේ... ඒත් මේ මනුස්සයා මාව අතාරින පාටක් නෑනෙ.... මගෙ ඉස්සරහ ඉදන් අත් දෙකත් පිටිපස්සට බැදන් ඉන්න හැටි... හිතන් ඉන්නේ  ජනාධිපති කියලද දන්නෑ...... ගැට පොලොස් කොට්ටෝරුවා...

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now