~♡︎ 06 ♡︎~

Start from the beginning
                                    

ඔම්මගෙ කටහඬ ඇහෙනවත් එක්කම ජීමින් අමාරුවෙන් ඇස් ඇරල ඇහැරල බලද්දි එයා උන්නෙ එයාගෙ කාමරේ..

මම ඊය රෑ දැක්කෙ හීනයක්ද ??
යූන්ගි මගෙ ලඟ උන්න නේද ?? ආහ් මගෙ ඔලුව...

" ම්ම්.. උණ අඩුයි..
හොඳ වෙලාවට යූන්ගි පුතා උන්නෙ. නැත්තම් අප්පත් නැතුව මම මොනා කරන්නද... "

" යූන්ගි ?? "
එහෙනම් ඒක හීනයක් නෙවේ...

" ඔව් ඊයෙ ඒ දරුව ආව නිසා හොඳයි.. කෝ මේක බීල ඉන්න චූටි.. "

ඔම්ම කිරි එක අතට දීල යනවත් එක්කම ජීමින් යටි තොල හපාන බැලුවෙ මොබයිල් එක දිහා.. යූන්ගිව මතක් වෙලා ලස්සන හිනාවක් මූනට එනවත් එක්කම ඉස්සරහ Mirror එකෙන් දම්පාට වෙච්ච බෙල්ල දකිද්දි ජීමින්ගෙ අතින් කිරි වීදුරුව අතෑරිල බිඳිල යනවා...

~
" This is the last time...
දවස් තුනක් ඇතුලත මාව හම්බවෙන්න නාවොත් අප්පව Caze එකකට පටලල Election එකෙන් අයින් කරල දානව..
Don't worry babe... මම ගොඩක් රිද්දන්නෑ... "
~

" චූටි පුතා.. යූන්ගි පුතා ඇවිල්ලා... "

ඊය රෑ වෙච්ච කතාවක් මතක් උනත් හරි ඔම්මගෙ කටහඬ ඇහෙනවත් එක්කම ජීමින් හැදුවෙ ඇඳෙන් බැහැල දුවල යන්න උනත් ඇඳෙන් නැගිටින්න යනකොටම ජීමින්ගෙ බඩ අස්සෙන් අත දාල කව්රුහරි පිටිපස්සෙන් ඇදල ආයම ඇඳට පෙරලගත්තා..

" හ්හාහ්... යූන්ගි ශී... හාහ්.. හ්.. "

යූන්ගි හරියටම උන්නෙ ජීමින්ගෙ ඇඟ උඩින්.. ජීමින්ට ඕන උනේ නෑ යූන්ගිට අහකට යන්න කියන්න.. එයා වශී වෙලා වගේ යූන්ගි දිහා බලන් උන්නා... යූන්ගිගෙ messy heir එක ජීමින්ගෙ මූනට වදින්නම වැටිල යූන්ගිගෙ පොඩි ඇස් දෙක ලස්සනට දිලිසිලා ජීමින්ට පේනවා..

" glass එකත් අතෑරල මෝඩය වගේ ඒ පැත්තෙන්ම බහින්න ගියේ මොන සිහියෙන්ද "

ජීමින් මොකුත් නොකිය ඒ හෙලවෙන නපුරු තොල් දිහා බලන් උන්නා..

ඔයාට බැරිද යූන්ගි දිගටම මෙහෙම ඉන්න..
කාටවත් බැරිද මේ වෙලාව නතර කරන්න...
මොනවද මම මේ හිතන්නෙ. එයාට ලස්සන Girl කෙනෙක් ඉන්නවා...

" යාහ්.. අහකට යන්න.. "

යූන්ගි ඇඳෙන් බැහැල ජීමින්ව මේ පැත්තෙන් ඇඳෙන් බස්සව ගත්තා.. යූන්ගි හිමීට ජීමින්ගෙ නලලට අතක් තියල බැලුවෙ උණ අඩුද කියල.

ONCE AGAIN - 2 | SɢJᴍ ♡︎Where stories live. Discover now