03.තරඟ පවත්වන ආකාරය

170 37 1
                                    


✬ Watty awards සම්මාන ලබා දීමේ ක්‍රියාවලිය තවත් නොබෝ දිනකින් අප ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා..

- ඒ සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමේදී හා මෙම කර්තව්‍ය සඳහා සහභාගි වීමේදි ඔබ විසින් අවධාරණය කර ගත යුතු කරුණු කිහිපයක් තිබෙන බැවින් මෙම කරුණු සියල්ල අවධානයෙන් කියවන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.


1.
ඔබ එක් නිර්දේශයක්(කැටගරි)  යටතේ කතාවක් හෝ කතෘ කෙනෙක් මෙන්ෂන් කිරීමේදි එක්  වතාවක් පමණක් එහි නම සදහන් කිරීමට කාරුණික වන්න..

උදාහරණයක්:
හොදම ඓතිහාසික කතාව -
@abcd ✔️
@abcd ❌
@abcd❌

2.
Yizhan/ZhanYi/Wangxian ලෙසින් කාණ්ඩ තුනක් යටතේ සම්මාන ලබා දෙන නිසා ඒ එක් කාණ්ඩයකට අදාල වන කතා පමණක් නිර්දේශ කරන්න..

උදාහරණයක්:

YiZhan කාණ්ඩයට අදාල නිර්දේශ වලදී අනෙකුත් කාණ්ඩ දෙකට (ZhanYi / Wangxian) අදාල කතා යෝජනා කිරීමෙන් වලකින්න..

සැ.යු :

🔴 හොඳම ඓතිහාසික කතාව :
*Yizhan :
*Zhanyi :
*Wangxian :

මෙහිදි ඓතිහාසික කතා කැටගරිය යටතෙ Yizhan හා Zhanyi සඳහා කතා මෙන්ෂන් කිරීමෙදි ඔබට මෙම කාණ්ඩ දෙක යටතෙ ලියා ඇති නූතන ඓතිහාසික කතා යොදාගත හැකිය.

( ඔයාලා දන්නවා ඇති ඓතිහාසික කතා කිව්වාම ඒවා කාණ්ඩ කීපයකට බෙදෙනවා කියලා.. සාමාන්‍යයෙන් ක්‍රි.ව. 1500 කාල වකවානුවෙන් පෙර කාල වකවානුව පුරාණ ඓතිහාසික කතා යටතටද, ඊට පසු කාල වකවානුව නූතන ඓතිහාසික කතා යටතටද ගනු ලබනවා...එම නිසා ඔබ විසින් ඓතිහාසික කැටගරිය යටතෙ කතා මෙන්ෂන් කිරීමේදි එය උදව්වක් කරගන්න.

මෙය වෙන්කොට දැක්වීමට ප්‍රධාන හේතුව වන්නෙ Wangxian සඳහා ඓතිහාසික කතා සුලභව පැවතියත් Yizhan Zhanyi සඳහා ඓතිහාසික කතා දුබල වීමයි...මෙය ඔබට කතා ඉදිරිපත් කිරීමෙදි පහසුවක් වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා . )

තවත් පැහැදිලිව අවශ්‍ය නම්,

උදාහරණයක් වශයෙන් :

පුරාණ ඓතිහාසික කතා :

🔅The Untamed (❤️💚)
🔅 Luoyang (💚)
🔅 The Longest promise (❤️) වැනි රජ කාලයෙ වටපිටාව ඇසුරෙන් ලියවුණු කතා...

නූතන ඓතිහාසික කතා :

🔅 ගම්පෙරළිය
🔅 මඩොල් දූව
🔅Where Dreams Begin ( Xiao Zhan's Drama )
🔅Hidden Blade ( Wang Yibo's Movie ) වැනි කතා..

3.
වට්පෑඩ්හි දැන් වනවිට යීජාන් ශිප් එක අනුගමනය කරමින් කතා ලියන විශාල කතෘලා ප්‍රමාණයක් සිටිනවා.. මේ අතරින් බහුතරයක් මෙම Yizhan Watty Awards පිළිබදව දැනුවත් වුවත් සුළුතරයක් දැනුවත් නොවන්නට ඉඩ තියෙනවා.. ඒ වගේම සැගවුණු ඕතර්ලා හෝ අපට මේ පිළිබදව  පණිවිඩයක් ලබා දීමට නොහැකිව මගෑරුණු කතෘලාත් ඉන්න පුළුවන්.. ඉතිං ඒ නිසා මේ පිළිබදව දන්න සෑම අයෙක්ම දැනුවත් කිරීමට තරම් කාරුණික වන්න..එසේ නැතිනම් ඔවුන් ගොඩක් දක්ෂ වුවත් සම්මානයක් නොලැබී යා හැකි බැවින් වටිනා අවස්ථාවක් මග හැරී යන නිසා..

-එබැවින් ඔබ සැමගෙන් සාදරයෙන් ඉල්ලනවා,

මේ පිළිබඳව නොදැනුවත් අප ෆැන්ඩමයෙ සෑම කතෲ කෙනෙක්ම දැනුවත් කර ඔවුන් අප හා එක්වීමට කැමති නම් අපගෙ Sl Bjyx Fan Base ගිණුම ෆලෝ කිරීමට උනන්දු කරවන ලෙස....

ඔබට මෙහි කුමක් හෝ අපැහැදිලි තැනක් ඇත්නම් අපිට ඉන්බොක්ස් මැසේජ් එකක් දාලා විමසන්න පුලුවන්.

ස්තූති .

සංවිධායක මඩුල්ල 💚❤️💛

සංවිධායක මඩුල්ල 💚❤️💛

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Yizhan Watty Award 2024Where stories live. Discover now