මම ඉන්නේ මගේ රූම් එකේ... මාමිගෙ රූම් එකෙන් ඇවිල්ලා විනාඩි 20ක් විතර වෙනවා... මට තාම මේ කිසි දෙයක් තේරුම් ගන්න බෑ... මාමි ඇයි මට බොරු කිව්වේ... එයා කිව්වේ ශුඩු තාත්ති කියන්නේ එයාගේ ක්ලාස් මේට් කෙනෙක් විතරයි කියලා.. ඒ දෙන්නා නිකන්ම ක්ලාස් මේට්ලා වෙන්න බෑ... එක්කෝ හොඳම යාළුවෝ වෙන්න ඕන.... නැත්තන් ඊට වඩා දෙයක්... ම්හු.... අනේ මන්දා මගේ මොලෙත් එක්ක රිදෙනවා.... කුතුහලය නිසානේ මේ සේරම....
මම මේ හැම විකාරයක්ම කල්පනා කර කර ඉන්නේ මගේ අතේ තියෙන ෆොටෝ එක දිහා බලාගෙන.. ඒ ලොකර් එක ඇතුළේ එක එක ජාති ගොඩක් තිබ්බට ඒ හැම එකක්ම ඇද ඇද බලන්න ටයිම් එකක් තිබ්බේ නෑ... මාමිට වැරදිලාවත් ඇහැරුණොත් සේරම ඉවරයි... එකේ ඇතුළේ ෆොටෝස්... ඇල්බම්ස්.... තව මොනවද මන්දා කොල මහ ගොඩකුත් තිබ්බා... තව හෑන්ඩ් ක්රාෆ්... බෑන්ගල්ස්... පොත් වගේකුයි... ඩ්‍රෝවින් වගේකුත් තිබ්බා... ඒත් මාමිට චිත්‍ර අඳින්න බෑනේ... ඇත්තටම කිව්වොත් හරියට ඇට කෝටු බබෙක්වත් ඇඳගන්න බෑ.... අනේ මන්දා...
ඒත් එකේ එක දෙයක් තිබ්බා... මට හිතෙනවා ඒකේ ඇතුළේ මගේ ප්‍රශ්න වලට ඔක්කොම උත්තර ඇති කියලා... ඒක ඩයිරියක්... ෂොප් වල විකුණන්න තියෙන එකක් නෙමෙයි මට හොඳටම ෂුවර්... ඒක කියල හදවපු එකක්....
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ලෙදර් ලොක් ඩයරියක්.... ඒකේ යතුර සොයා ගන්න තිබ්බේ නෑ... අපරාධේ නැත්තන් ඒක බලන්න තිබ්බා.... අපේ මාමි එකේ යතුර කොහේ දාලද මන්දා... මට තේරුන් ගන්න බැරි ඩයිරි එකේ වම් අත පැත්තේ තිබ්බේ අකුරු මොනවද කියලා... මම හිතන්නේ කාගෙ හරි නම් වල මුල් අකුරු වගේ... B Z Y B T... පොඩ්ඩක් ඉන්න... මේ ෆොටෝ එක අනුව පලවෙනි B අකුරෙන් බෝයොන්... Z අකුරින් ශාන් වෙන්න ඕන... එතකොට අනිත් B අකුරින් බින්... ඊටපස්සේ Y T ඒ දෙකෙන් කාගෙ නම්ද... මම හිතන්නේ මේ ෆොටෝ එකේ ඉන්න අනිත් දෙන්නගේ වෙන්න ඇති... ඒ දෙන්නව මම කවදාවත්ම දැකලා නෑ... මාමිගේ යාළුවොද ඒ අනේ මන්දා... මම ඒ ලොකර් එකෙන් ගත්තේ එක ෆොටෝ එකක් විතරයි... මාමිට ඒක අඩු වුණා කියලා මීටර් වෙන එකක් නෑ... අනිත් මුකුත් මම අරගෙන ආවේ නෑ.. විශේෂයෙන්ම අර ඩයරිය... ඒක මාමිට විශේෂ ඇති...
![](https://img.wattpad.com/cover/331812764-288-k89392.jpg)
YOU ARE READING
𝗦𝗧𝗘𝗣 𝗙𝗔𝗧𝗛𝗘𝗥 ( 𝑍𝒉𝑎𝑛𝑌𝑖 𝐹𝐹 )
Fanfictionසම්මතයත් අසම්මතයත් අතර දෝලනය වන ඔවුන්ගේ ආදර කතාවයි මේ...... ❤️💚