💫 සර්.... අවුලෙන් ඉන්නෙ මගේ ලකුනූ....

මම සර් ගාව තිබ්බ පේපර් සෙට් එක ලගට අරන් ඒකේ මගේ පේපරේ හොයන්න ගත්තා ඒත් මගේ පේපර් එක එතන තිබ්බෙ නෑ

🔥 ටරන් ටරන් ටඩා

ඩිලන් සර් එකපාර හිනා වෙලා එයාගේ අතේ තිබ්බ පේපර් එක උස්සගෙන හිටගත්තා.... ආහ් මේ මෝඩයා නම්

💫 අනේ මගේ පේපර් එක නේද.... දෙන්නකෝ

🔥 පුලුවන් නම් ගන්න

සර් පේපරෙත් උස්සන් දිව්වා.... මම එයාගේ කෝට් එකෙන් අල්ලගෙන පේපරේ ගන්න ගියත් හරි ගියෙ නෑ මේ මනුස්සයා උසයි එයාගේ සපත්තු දෙක පාගගෙන ටයි එකෙනුත් ඇදගෙන කොහොම හරි පේපරේ ගන්න මම ට්‍රයි කරා.....ටයි එක හිර වෙලා මැරෙයිද දන්නෑ

💫 අනේ ඕක දෙනවකෝ

🔥 ඕන්නම් ගන්න

💫 ඩිලන් ඕක මට දෙන්න

🔥 මොකක්ද කිව්වේ

හුටා.... මේ තරම් කාලෙකට එයා ඩිලන් කියන්න කියලා කිව්වට මම එයාට ඩිලන් කියලා කියලා නෑ ඒත් අද එකපාර ඒක කටෙන් එලියට පැන්නා
එයා ඒක අහපු විදිහට මම දගලන එක නවත්තලා එයාගේ මූන දිහා බැලුවා

සර්ගේ සපත්තු උඩ නැගලා උඩ පැන පැන හිටිය නිසා දගලන එක නවත්තපු ගමන්ම බැලන්ස් නැති වෙලා මාව වැටුනේ ටයි එකෙන් සර්වත් ඇදගෙනමයි

අපි දෙන්නව බිමට වැටෙද්දි එතන තිබ්බ ලා දම් පාට තීන්ත බෝතලෙත් පෙරලිලා අපිව ලී ගොඩක් උඩට වැටුනෝ ලොකු සද්දයක් එක්ක
මට හොදටම ශුවර් ඒ සද්දෙ නම් ඉස්කෝලේට ඇහෙන්න ඇති

තප්පරයක් දෙකක් තුනක්....
මගෙ ඇගට නොවැටෙන්න ඔලුව දෙපැත්තෙන් අත් දෙක තියන් කෙලින් වෙලා හිටිය සර්ගේ ඇස් දෙකයි බිම වැටිලා ඉන්න මගේ ඇස් දෙකයි ලොකූ වෙලාවක් කියලා දැනුන තප්පර දෙක තුනකට පැටලිලා තිබ්බා
ඇස් දිහා බලන් ඉන්න හේතුවක් නොදැනුනත් ඒ ඇස් වලින් මගේ ඇස් අයින් කරගන්නත් හේතුවක් නැති නිසා මම එහෙම්ම බලන් හිටියා

අපේ ඒ අද්විතීය eyes contact එක බිදුනේ අඩි සද්දෙකින්... සුවර් එකටම ඉස්කෝලේ කවුරුහරි වෙන්න ඕනේ

හිතන්නවත් වෙලාවක් නොතියා නැගිට්ට ඩිලන් සර් මගේ අතින් ඇදගෙන ඒ ගෙදර තිබ්බ කාමරේකට ගියා

ආවේ කවුරු උනත් එයා හොදට වට පිට බලනවා කියලා අපි හිටිය කාමරේ දොර අස්සෙන් පේන හෙවනැලි වලින් නම් තේරුනා.... එයා අපි හිටිය කාමරේට එන්න ඔන්න මෙන්න තියෙද්දි,

🔊. මේ විශේශ නිවේදනය සියලුම ශිශ්‍ය ශිශ්‍යාවන්ට සහ ගුරු මන්ඩලය වෙතටයි ඔබ සියලු දෙනා විනාඩි දහයක් ඇතුලත හදිසි රැස්වීමක් සදහා ප්‍රදාන ශාලාවට රැස් වන්න

ගේ ඇතුලට ආපු කෙනා ආයෙත් යන සද්දේ ඇහෙද්දිම මාත් සර්ව තල්ලු කරලා
දාලා ඉස්කෝලේ දිහාට දිව්වේ හොල්මනක් දැකලා වගේ හදවත හයියෙන් ගැහෙද්දියි

Angry Bird & Crazy Cat✔️Where stories live. Discover now