<3>

42 7 0
                                    

මම ආය ඩෙස් එකෙන් ඔලුව තියාගත්තේ සර් ජානා....කියලා මට අඩගහයිද කියලා හොදට අහගෙන ඉන්න ගමන්.....
එකපාරටම...

🔥 හචිස්... හචිස්...

ඇහ්....කව්ද පන්තිය අස්සේ හච්චිං අරින්නේ .....ඔහොම නසරානි වැඩ කරන්නේ මම විතරයි නේ....
ඔලුව උස්සලා බලද්දි අලුත් සර්කාරයා පොත් ටිකත් දිග ඇරගෙන තරගෙට වගේ හචිං අරිනවා....
🤣පොඩ්ඩක් හිතන්නකෝ ගැම්මෙන් ක්ලාස් එකට පොරටෝක් දීලා නහය රතු වෙනකල් බබෙක් වගේ සර් කෙනෙක් හචිං අරින්න ගත්තොත්....
ක්ලාස් එකේ අනික් ලමයින්ට නම් මවා ගැනීමේ හැකියාවක් නැද්ද කොහෙද....එක්කෝ සංවේදීතාවයක් නෑ....මට ඔය දෙකම වැඩීනේ
ඒ හින්දා මට බකස් ගාලා හිනා ගියා
හිනාව නවත්තන් ඉදලා හිනා වෙන්න ගත්තම මට හිනාව නවත්තගන්න බැ....සර් හචිං අරින හැටියට හිනා වෙන්න ගිහිල්ලා මාව පුටුවෙනුත් වැටුනා.....

🔥 මම හචිස්... ටික....හචිස්... එන්න...හචිස්...එන්නම්

සර් ගියාද මන්දා මන් දන්නෑ....මම වැටිලත් හිනා වෙනවා

⭐️ ජානා....කෝ නැගිටිනවා

💫 හම්මෝහ්.....කොහොමද ඒ හච්චින් යැවිල්ල...

🧚🏼‍♀️ ජානා....මැනස් දන්නෙ නැද්ද....අනික ඒ
අපේ අලුත් සර්

💫 ඒත් ටිශා ඔයා දැක්කද ඒ වෙලාවේ එයාගේ මූන... හම්මෝහ් සෝ ෆනී

🧚🏼‍♀️ පව් ඩිලන් සර්... ඔයා නම් මහ නැහැදිච්ච කෙල්ලෙක්

💫 මොකක්ද දැන් ඔයා කියන්නේ ආ....

විනාඩියකට කලින් මම හිනාව නවත්ත ගන්න බැරුව හිටියා....දැන් මට තරහා පාලනේ කරගන්න බෑ....මේ අලගෝනිය ටිශා නම් හැම කුනු ගොඩකටම අත ගහනවා

🧚🏼‍♀️ ඒ සර් ගැන ඔයාලා දන්නවද....එයා අඩු වයසෙන් ඔක්කොම උපාදි ගත්ත කෙනෙක්

💫 ඉතින් මට පාන්ද

🧚🏼‍♀️ ඒ වගේ වැදගත් කෙනෙක්ටයි තමුසේ....

⭐️ ටිශා....ඔයා තව වචනයක් හරි කිව්වොත් ගිය පාර තමුසෙට දුන්න එකට එහා පාරක් මේ පාර මම තමුසෙට දෙනවා

එතකොට නම් ටිශා ගස්සන් ගියා.... එකපාරක් ටිශා අපේ බේබි බෝයි කායිට සද්දයක් දාන්න ඇවිල්ලා ෆේත් එක පාරයි දුන්නේ එයාගෙ ඇහැ වටේ නිල්ල් පාට උනා....ඒ පාර මතක් කරන හැම වෙලේම එයා ගස්සන් පුප්පන් යනවා

Angry Bird & Crazy Cat✔️Where stories live. Discover now