" පොඩ්ඩක් ඉන්න.. ඉස්සරහ පොඩි රෙස්ටුරන්ට් එකක් තියනවා.. එතනින් බ්‍රෙක්ෆස්ට් අරගෙන ටිකක් වෙලා ඉදලා යමු..."

ටේහ්‍යුන් කියද්දි ඔලුව වනපු සේමි ආයමත් ටේහ්‍යුන්ගේ පිටට එයාගේ ඔලුව බර කරගත්තා. කලින් නම් එයාට නිදිමතක් තිබුනත්... දැන් ඇගට දැනෙන අපහසුව නිසා එයාගේ නිදිමත නැති වෙලා ගිහිනුයි තිබුනේ. විනාඩි කිහිපයකට පස්සේ ටේහ්‍යුන් එයාගේ ඩුකාටිය පොඩි රෙස්ටුරන්ට් එකක් ගාවින් නැවැත්තුවා. තරමක් පොඩි උනත් ඒ ළඟම තිබුන ⁣ටිකක් ලොකු පොකුණ නිසා ඒ රෙස්ටුරන්ට් එකට ලැබිලා තිබුනේ සෞම්‍ය ස්වභාවික පෙනුමක්. පොකුණ ගාවම අවුට්ඩෝ ටේබල් එකක වාඩි උනාට පස්සේ එයාලා සාම්ප්‍රදායික කොරියන් ආහාර වේලක් ගත්තා. ඒක සම්පූර්ණයෙන්ම ලී වලින් ආවරණය කරපු පුංචි කැබින් එකක් වගේ තැනක්. පොකුණත් එක්ක තියන වටපිටාව හොඳින් පේන විදියට හදපු. කාලා හොඳට බඩ පුරවගෙන වොශ්රූම් ගිහින්.. මුහුණත් හෝදගත්තට පස්සේ සේමි ටේහ්‍යුන් එක්ක ආයමත් ඒ කැබින් එකේ ඉදගෙන පොකුණ දිහා බලන් හිටියා. අතරින් පතර වාහනවල සද්දයක් ඇහුනත් එයාලට එතනදි දිගින් දිගටම ඇහුනේ ඒ අවට හිටපු කුරැල්ලොන්ගේ සද්දේ විතරයි.


ටේහ්‍යුන් හිටියේ ඉර එළියට දිලිසෙන පොකුණේ වතුර දිහා බලාගෙන. ඒ අවට තිබුන ගස් එක්ක එතන හරිම ලස්සන තැනක්. ටේහ්‍යුන්ගේ ඇස් නැවතීලා තියන තැන හොයාගන්න සේමි උත්සහ කලත් ඒක වැඩකට ඇති දෙයක් නොවුන නිසා එයා ඒ වට පිටාව දිහා බලලා අන්තිමට ටේහ්‍යුන්ගේ පැත්තටම හැරිලා නැවතුනා. නොදැනුවත්වම වැලමිටක් කැබින් එකේ වටේට ගිය ලී වැටක හිර කරගත්ත සේමි ⁣ටේහ්‍යුන් දිහා විනාඩි කිහිපයක්ම බලන් හිටියා. ටේහ්‍යුන් කොයිතරම් කඩවසම් ද කියලා සේමිගේ හිත ප්‍රශ්න කරන්න ගත්තා. හැඩරේඛා නියම විදියට ඇදිලා ගිහින් තියන කඩවසම් මුහුණ.. ඝන ඇහිබැමි.. යන්තමින් වැටුන ඉර එළියට දිලිසෙන ගෝල්ඩ් පා⁣ට අඩවන් වුන ඇස් දෙක.. හීනි තොල්.. වැඩි හරියක් නහර ඉලිප්පිලා තියන අත්.. හැමතිස්සෙම ටේහ්‍යුන්ට ගෙනත් තිබුනේ දරදඬු කඩවසම් පිරිමබවක්. ඒත් ටේහ්‍යුන් කියන්නේ ඇතුළාන්තයෙන් ඒ තරම්ම දරදඬු කෙනෙක් නෙමෙයි කියලා සේමිට එයා එක්ක ගත කරපු මාස කිහිපයට තේරැනා. ටේහ්‍යුන් තමන්ගේ ඇත්තම ස්වභාවය මවාගත්ත දරදඬු භායනක වෙස් මුහුණකින් ආවරණය කරගෙනයි ඉන්නේ. ටේහ්‍යුන්ගෙ ඇස්වල ලියවිලා තියන තවමත් තමන්ට කියවගන්න බැරි ගැඹුරැ හැඟීම් සේමිව හැඟීම් ගොඩක අතරමං කරලයි තිබුනේ.




BLACK PANTHER || KTH || ONGOINGWhere stories live. Discover now