හැම රෑම ඔබ හා කොදුරමින්...
පැවසූව කවි බොද වී ගිහින්...
නොකියාම ගියෙ ඇයි හඩවමින්...
ඔබ ආයෙ එනවද හිනැහෙමින්...
.
.
.
.
.@අනුරාධපුර දුම්රිය ස්ථානය
ගිනි කාශ්ඨක අව්වට රත් උනු අනුරාධපුර දුම්රිය ස්ථානයේ 3 වන වේදිකාව.
වයස අවුරුදු 24ක් පමණ උනු කඩවසම් තරුණයෙක් තම අත්ල මත රැදි පොත පුරා ඇස් යවමින් හිටියා.
කාශ්ඨක අව්ව ඔහුට තැකීමක් නැති පාටයි.
පොතෙහි පරිච්ඡේදයන්හි ගිලීසිටි ඔහුගේ අවධානය පිට ගියේ ඇසුනු නිවේදනයත් සමගයි."අනුරාධපුර නව නගරයට පැමිණි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය තව ස්වල්ප මොහොතකින් මීගමුව බලා පිටත් වේ."
නිවේදනයත් සමග බංකුවෙන් නැගිටි ඔහු තමන්ගෙ ගමන් බෑගය එක් කරකින් එල්ලාගෙන 3 වන වේදිකාවට ළගා වන දුම්රිය නතර කරන තෙක් බලා හිදියා.
3වන දුම්රිය මැදිරියේ දොර ඔහු ළග නතරවනවාත් සමගම අහිංසක හිනාවක් රදවාගෙන දුම්රිය මැදිරිය වෙත ගොඩ උනු ඔහු ගමන් බෑගයත් අතැතිව ජනේලයක් අසල ආසනයකින් හිද ගත්තා. ගමනාන්තයට ලගා වනතුරු තමාගෙ ලෝකේ අතරමං වීමේ අදහස ඇතිව ඔහු තම දෑස් වසා ගත්තා.
@මීගමුව දුම්රිය ස්ථානය.
පැය තුනකට අධික කාලයක් ගත වීමෙන් පසු මීගමුව දුම්රිය ස්ථානයෙන් පිටතට පැමිනි මේ තරුණයා ඇවිස්සුනු කඩි ගුලක් මෙන් එහා මෙහා යන මිනිසුන් දිහා මදක් නැවතී බලාගෙන හිටියා.
"අයියේ හයර් එකක් යන්ද"
"කොහෙටද මල්ලි"
"බ්‍රවුන්ස් බීච් එකට"
"හරි. නගින්න"ත්‍රීරෝද රථයට ගොඩ උනු ඔහු තම දුරකථනය වෙත නෙත් යොමු කලා. වෙලාව හවස 4.15යි. දිගු හුස්මක් පහල දැමූ ඔහු අහස උසට නැගුනු හෝටල් සංකීර්ණ පසු වෙන ආකාරය දෙස බලාගෙන හිටියා.
"මල්ලි මෙහෙ කෙනෙක්ද?"
"අහ් නෑ අයියෙ. මං අනුරාධපුරේ"
"ඔහ්. නිවාඩුවට ගිය ගමන් වෙන්න ඇති මේ"
"ඔව් ඔව්. සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ ගිහින් එන්න කියලා ගියා"
" මට මල්ලිව දැකලා පුරුදුයි වගේ.මේ ළග පාතද ජොබ් එකක් කරන්නෙ"
"මං #### එකේ අයියේ වැඩ කරන්නෙ. මාව දැකලත් ඇති. නිතර දෙවේලෙ යන එනවනෙ"