සදේ සිත්තම් 1

103 17 2
                                    

ඉතා සන්සුන තිබිනු පාසලක විවේක කාලය ලැබීමත් සමග මෙතෙක් වෙලා පංතිවලට ම හිර වුනු ලමුන් පාසල් වත්ත පුරා දුවද්දී...ප්‍රධාන ශාලාව ලෙස සනිටුහන් කර තිබුනු කොරිඩෝවෙ එක් සන්සුන් රැවක් තමන්ගෙ අතේ තිබුනු පොත් ටිකත් රැගෙන හිමින් සන්සුන් ගමනින්ම පා තැබුවෙ පාසලේ විදුහල්පතිගෙ ඔෆිස් එක පැත්තට වුනු අතර ලමයින්ගෙ පවා මින් පෙර නොදුටු ඒ රුව දෙසට අවදානය යොමු විය....

විශාල ෆෑන් එකක් යටතේ ෆයිල්ස් චෙක් කරමින් හිටිය බණ්ඩාරනායක සර් නැති නම් පාසලෙ විදුහල් පති ගෙද අවදානයට යොමු වූයෙ හදිසියේ වාගෙ විදුහල්පති ඔෆිස් එකට ඇතිලු වූ ඒ රුව නිසා....

ලා දුඹුරු කලු නලලට වැටුනු කොන්ඩෙ...හේස පැහැ බෝල ඇස්... ලා රෝස තොල් පෙති වගෙ ම පුංචි බොත්තම් නහයෙ තියෙන පුංචි ලපය යාන්තමින් රෝස පැහැ ගැන්වූ කම්මුල්....ඔහු තරුණයෙක්... කඩවසම් යැයි නොකීවත් ඔහු සුන්දර තරුණයෙක්...ලා නිල් පැහැ අත් දිහ කමිසයට ලා දුබුරු වර්ණයේ කලිසමකින් හැඩ වී සිටි ඔහුව දැක්කාම... විදුහල්පති ද  සුන්දර සිනහවකින් ඔහුව පිලිගත්තා...

.
.
.
.
.

" මිස්ට ශකිනු නිවාන් සේනාධීර ! ඇත්තටම සතුටුයි මේ වගෙ පුංචි ස්කෝලෙකට අර තරම් ලොකු ලොකු ස්කෝල තියෙද්දිත් ආපු එකට... ඉංග්‍රිසි පැත්තෙන් ගත්තොත් නම් ගොඩක් ලොකු අඩුපාඩු තියෙනවා සර්.... ස්කෝලෙටම ඉන්නෙ ටීචලා දෙන්නයි එක්කෙනෙක් ප්‍රයිමරි අනිත් කෙනා උඩ පන්ති.... එහෙනම් සර් හෙටම එන්නකො ! ස්තූතිය ! "

"තැන්ක්‍යු ප්‍රින්සිපල් සර්"

.
.
.
.
.

ගිනි කාශ්ටක අව්වෙ මිනිස්සු තමන්ගෙ වෙළදාම් කරගෙන ගියේ ජීවත් වෙන්නවත් හරි හැටි මාර්ගයක් නොතිබුනු නිසාය..කුලී වැඩ කරුවන් පවා ගෝනි කර තියාගෙන ලොකු ලොකු ලොරි වල පටවද්දි... එළවලු වෙළෙන්දෝ උගුර යටින් කෑ ගහන ගමන් එළවලු විකුනන්න අරන් තිබුනා...තවත් සමහරු දාඩිය පිහිමින් අත්වල වූ බඩු රැගෙන යන්නට උනා.... ඇගිල්ලව්කත් ගහන්න බැරි ඒ මුලු පාරම ඝෝෂාවකින් පිරෙද්දී...වතුර බීම ආදිය රැගත් පොඩි කරත්තයක් පාරෙ ඇදෙමින් තිබුනා... නමුත් එක විනාඩියක් ඇති... එක් තරුණයෙක් කරත්තෙ උඩින් පැන්නෙ කරත්ත කරුත් බිය වද්දාගෙන.... කරත්තෙ උඩින් පැන්න ඔහුගෙ එක් අතක් පාර මත ස්පර්ශව තියෙද්දි... ඔහු තියුණු දෑසින් බැලුවෙ ඉස්සර හ ඒ පිම්මෙන් ම නැගිට්ට ඔහු පිඹගෙන දිව්වෙ ඔහුගෙ තද කලු  පැහැ කොන්ඩෙත් දිහටම ගැස්සෙද්දී... එත් එක්කම බීම කරත්තයත් පෙරලාගෙන තවත් තරුණයින් දෙදෙනෙක්ද ඉස්සරහින් දුවන තරුණයාගෙ නම කියලා කෑගසන්නට වුනා... නමුත් ඒ තරුණයානම් නවතින පාටක් නැහැ අතුරු පාරවල් දිගේ දුවපු ඔහු අන්තීමේත් ලග තිබුනුම පලා කරත්තයක් තල්ලු කරලා දැම්මෙ ඔහුට ඉස්සරහින් දුවපු තද දුඹුරු පැහැයක් තිබුනු මැදිවයසෙ පුද්ගලයකු දෙසට යි.... ඔහු කුලී මැරයෙක්. පලා කරත්තය  වීසිවි ගොසින් කුලී මැරයාගෙ තුනටියේම වදිද්දි ඔහු විසිවී ගොසින් මූන ඇනුනෙ මඩවලක වෙද්දි...පලා කරත්තෙ ආච්චිට නම් දැනටමත් පපුවෙ අමාරුවක් අල්ලලා තිබුනා.... කුලී මැරයා වැටෙනවත් එක්කම මෙතෙක් වෙලා ඔහුගෙ පිටිපසින් දුව ආ තරුණයාද හතිලමින් තමන් ගෙ දණහිස් දෙකට අත් තියන් වාරු වෙලා හයියෙන් හුස්මක් කටක් ගත්තා..
ඔහුගෙ පසුපසින් පැමිනි කොල්ලො දෙන්නත් ඒ ඒ ලග තිබ්බ එළවලු කරත්ත වලට වාරු උනෙ වටේ පිටේ හිටිය හැමෝම ඇවිත් මේ නාඩගම දිහා බලද්දි...

හද ගාවින් ||• TOP KOOK VER:Where stories live. Discover now