Yibo එක්ක ආවේ Lele විතරයි .
යිබෝ ඇතුලට එනකොටම zhan නැගිටල ගිහින් එයාව වැලද ගත්තා දොර ලගදිම.

" බොබෝ අපි ඒක කලා .. ඒ interview එක මේ ලෝකෙ කවුරුත් දකින්නෙ නෑ දැන්"

" well done zhan ge.."
යිබෝ කිව්වා.. ඒත් එයාගෙ හිනාව ආයාසයෙන් ගත්ත එකක් කියල මට හිතුනා.
ඒ හිනාව ඇස් දක්වා පැතිරුනේ නෑ.
ඇස් වල රැදිලා තිබ්බේ ශෝකී බවක්ද??

ඒ වෙනස අපිට වඩා ඉක්මනින් zhan ගෙ ඇස් වලට අහුවුනා.

" බොබෝ.. ඇයි මුකුත් ප්‍රශ්නයක්ද?? "

යිබෝ නිහඩව හිටියා..

" බොබෝ...?? ඇයි?? Lele මොකක්ද ප්‍රශ්නය ? "
zhan ඒ පාර lele දිහාවට හැරුනා.
Lele මුකුත් උත්තරයක් දෙන්නෙ නැතුව බිම බලා ගත්තා.

" zhan ge, අපි ටිකක් කතා කරමු."
යීබෝ හෙමිහිට කිව්වා.
" අපි ඇතුලට යමුද? "

.........................❤️💚........................
වර්තමානය.
Xiao Zhan POV

මගේ නිදන කාමරය තුලට ඇතුල් වූ විට යීබෝ දොර අගුලු දැම්මා .
ඒ විගසම මම ඔහුව සිප ගන්න කොට මට ඒ දෙතොල් වලින් ඒ තරම් ප්‍රතිචාරයක් දැනුනේ නෑ.

" බොබෝ .. ඔයාට අසනීපයක්ද? හෙට පාන්දර flight එක නේද? "
මම ඇහුවේ සිත් කරදරයෙන්

" නෑ zhan ge. අසනීපයක් නෑ".
එයාගෙ ඇස් දෙකේ තියෙන ශෝකී බව මට හදුන ගන්න පුළුවන් .

" බොබෝ.. මොකක්ද ප්‍රශ්නය ? මට කියන්න. අද අපිට සතුටු දවසක් නේද?? දැන් ලෝකෙ කිසිම කෙනෙක්ට අර මෝඩ ඉන්ටර්වීව් එක කියවන්න බෑ"

එයා ටිකක් වෙලා නිහඩව හිටියා..
ආපහු කතා කරන කොට එයාගෙ කටහඩ ඇසෙන නෑහෙන තරම් පහත් හඩක් වුනා.

" ඒක කවුරු කියෙව්වත් මට කමක් නෑ zhan ge.. ඔයාට ඒක නවත්වන්න ඕන වුන නිසයි මම උදව් කලේ..
ඒත්..  ඒත්. .. ලෝකෙ වෙන කාටවත් ඒක කියවන්න බැරි වුනාට, ඔයාට අමතක වුනාද zhan ge ඒක මම කියෙව්වා කියලා?? "

දෙවියනේ ...
එතකොටයි මට තේරුනේ..
ලෝකෙ හැමෝම ඒක කියවන එක වලක්වන්න මම මගේ ටීම් එක එක්ක  පිස්සු හැදිලා වගේ වැඩ කරන කොට,  මට වැදගත්ම දේ අමතක වුනා කියලා.
ඒ වගේ දේවල් මම ඉන්ටර්වීව් එකකදී කිව්වොත් හිත රිදෙන මේ ලෝකෙ එකම එක්කෙනා... !!
මෙච්චර කල් නිහඩව හිටියට එයා හිත බිදිලා, ගොඩක් දුක හිතිලා  ඉන්න ඇත්තේ...

මම කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now