7.) කොටස 🌸

Start from the beginning
                                    

හ්ම්....

මන් අරුන් දෙන්නා එක්ක කැන්ටිමට ආවා... උන් දෙන්නා බත් එකක් අරන් කෑදත් මට තාම කට අපුල ගතිය වගේ හින්ද, කෝපි එකක් අරන් බනිස් ගෙඩියක් කෑවා...

ඈ යකෝ, උබ කෝපි බොන විදියට උඹේ බඩ වේලන්නැද්ද බන්....

නෑ යසී, උඹ දන්නවනේ ...

ඒකට බන් අපිට,කෝපි එකක් බිව්වොත් අනිත් දවසෙ ටොයිලට් යන්න වෙන්නේ ගල් කඩන මිටියක් අරන් තමා... ඇයි යකෝ හිරවෙනවා හිරවිල්ලක්, ආයෙ පුප නෑ වගේ....

ඒව්... කන වෙලාවෙ කියන කතාද ලොකූ ඔය... කට වහගන්නවකෝ....

ඇත්තනේ කිව්වෙ පොඩී, මතක නැද්ද උඹට එදා අභ්භ්....බ්බ් .......හරි හරි කියන්නෑ මන්....

කට පියන් කනවලාකෝ ගස් බල්ලොනේ... මට කන්න ගත්තු බනිස් එකත් එපා උනේ, තොපේ කතා අහල...

අනේ උබේ සෝබනේ, නොකාම ඉදී උබත්... ඔය උන ගතිය නැත්තන් තෝ බලු බෙට්ටක් ලග තියන් උනත් කන එකා කියල අපි දන්නවානේ දේවා.....

උන් එක්ක තවත් කතා කරන්න ගියොත් මගෙ රෙදි ලෙෆ්ට් වෙලා මෙතනින් යන්න වෙන හින්ද මන් සද්ද නොකර හිටියා....
ටික වෙලාවයි ඒත් කැන්ටිම නිශ්ශබ්ද වෙලා තිබ්බේ, එකපාරට වටේ පිටේන් ඇහෙන කසුකුසුව වැඩි උනා... මන් ඒත් ගනන් නොගෙන බනිස් ගෙඩියෙ ක්‍රීම් ටික ලෙවකන්න ගත්තා....

රසද....ක්‍රීම් විතරක් කාලා බඩ පිරෙනවද දැන්....

අනේ අම්මේ මගෙ පපුව.... කන ගාවින් ඇහුන කටහඩත් එක්ක මන් ගැස්සිලා ගියා...... යකෝ තව ටිකෙන් මන් බනිස් හිරවෙලා ස්වර්ගස්ත වෙනවානෙ...මන් එහෙමම පපුවට අත් දෙකත් තියන් ඒ මොක උනේ කියල කල්පනා කලා....

ඒ දේවා.... පස්ස හැරිල බලහන් ටිකක්...

මන් තාම පිටිපස්ස හැරිල ඒ මොකාද කියල බැලුවේ නෑ, මොකද මන් තාම ශොක් වෙච්ච පාර එහෙමමයි.... මන් අතෙ තිබ්බ බනිස් ගෙඩියත් නෑ.... අප්පටහුඩු බනිස් එකෙන්ම මන් දමල ඇරියා නේද.... මන් එහෙමම හිමීට හිමීට පස්ස හැරිල බැලුවා....

අප්පටසිරි.... අදීල් අයියේ..... එන්න එන්න මන් පිහදාන්නම්... ඔහොමත් පිටිපස්සෙන් ඇවිත් කතා කරනවද මනුස්සයෝ.... මන් බය උනානෙ ඉතින්.... සොරි ඈ.....

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now