4.) කොටස 🌸

Mulai dari awal
                                    


අයියෙ....

මන් අයියෙ කියද්දි යන්න හැදුව එයා නැවතුන...


ඇයි...?


තෑන්කිව් මේවට...


හ්ම්...

ඉන්නකෝ ටික.....

තැන්කිව් කිව්ව විතරයි ආයෙ යන්න හැදුවා, මන් ආයෙ කතා කලා...


ඒ පාර මොකද..?

තාම කුප්පිය ඉවර නැද්ද ... අපිට මගෑරුනු ඒව ටි......

ඒක දැන් ඉවරයි... මගෑරුනු ටික මන් කියල දෙන්නම්...

ගියා... ඒක යන්න ගියා... කෑම එකකුත් ගෙනත් දුන්නුඑකේ බයින්නත් බෑ, ඒත් නොබැනත් බෑ..... දෙයක් කියන්න දෙන්නෙම නෑනෙ, සම්පූර්න කරන්න කලින් උත්තර දෙනවා.... ගල් ඉබ්බා.....මට තරහ යාගෙන එන්නේ..........

ආ..............................................................................................................................

මොකෝ දේවා බෙරිහන් දෙන්නේ...

තරහ පිට කරේ බන්...

ඒකට කෑගහල හරියනවද...

එහෙම කරපුවාම හිතට සහනයක්...දැන් හරි....

උඹටත් අන්දකයිප්පුවද ඈ... ඕක කාපන් දැන්... මොනා උනත් ගෙනත් දුන්නනේ...

උබලත් වරෙල්ලා...

එපා එපා, අපිදෙන්නා කැන්ටිමෙන් ඉස්සෙල්ලා කෑවා... උබ කාපන්...

මන් ඒ ගෙනත් දුන්න බත් මුක දිගෑරියා... වෙනද කැන්ටිමේ ඒව වගේ නෙමේනේ... මේක වෙනස් විදියට ඔතල තියෙන්නේ... හරිම සුවදයි... මන් කෑම එක දිගාරියා... පරිප්පු, චිකන්, මැල්ලුමක්, බෝන්චි, පපඩම් බැදල... අද කැන්ටිමේ ඇන්ටිගෙ උපන්දුනේවත්ද, මෙච්චර හොද බත් එකක් හදල තියෙන්නේ.... මන්  කන්න ගත්තා... ම්ම්.....රසයි....

මන් කනකම් අරුන් දෙන්නා වොශ් රූම් ගිහින් එන්නම් කියල ගියා...

උඹ කාල ඉවරද...?

ම්ම්....ඒක පට්ට බන්.. අද කැන්ටිම් එකේ විශේශත්වයක්ද බන්... තිබ්බ මාලු පිනි ගිඩ,එහෙන් රසයිත් එක්ක...

චෙරි මල් 🌸 ( Complete ✔ )Tempat cerita menjadi hidup. Temukan sekarang