"මෙහෙට සොම්බි වසංගතයක්වත් ඇවිත් ද ඒ..හරි සාමකාමි නේ"

"සාමකාමි ?? ඔයාට නිව්ස් දාලා දෙන්නද"

"මගෙ ෆෝන් එක කෝ..අනේ ඒක කුඩු ද"

"ඔව්..මම ෆෝන් එකක් අරන් දෙන්නම්..දැනට මගෙ එක තියාගන්න..මම ඇල්ෆා ෆෝන් එක තියාගෙන ඉන්නේ"

ඒක ඇහුවම හෙන වේදනාවක් දැනුනා.. මගෙ දරුවෙක් වගේ බලාගත්තේ මම..මිහිදුම් එයාගේ ෆෝන් එකෙන් යූටියුබ් ලයිව් එකක් දාලා දුන්නා.

"කාල කණ්නි බොක්ක කන්නි"

"ගෝහෝම්පිම්පියා."

"අවසන් සටන"

"අවසන් සටන ?? මේ මොකද ඒ මේ වෙන්නේ.මම...මෙහෙට වෙලා ඉන්න කාලේ ..මේ මම වතුරකට වැටිලා 2022 න් ද මතුවෙලා ඉන්නේ"

"හොස්පිටල් එකේ ඉන්න එකම ලෙඩා ඔයා. මේවා සේරම වහලා දාලා තියෙන්නේ."

"මොකක්.."

"ඔයා හිතනවට වඩා වැඩේ භයානකයි.රක්ශිත අපෙ පැත්තෙ ඉන්නේ.එයාව ඊයෙ ගෙදරින් එළෙව්වා තාත්තා."

"එලෙව්වා..දැන් කො"

"එළියෙ ඉන්නවා.. හොපිටල් එක ළඟ මීඩියා එකෙන් පිරිලා.ඔයා දැන් සතිදෙකක් මේකෙ නේ.මේ සති දෙකේම මීඩියා එකෙන් ඔයාව ඩිස්චාජ් කරනකල් එළියෙ ඉන්නවා.එතන රක්ශිත ඉන්නවා.මීඩියා එකෙන් දන්නවා මේකෙ ඉන්න එකම ලෙඩා ඔයා කියලා."

"මං කොහොමද එළියට යන්නේ"

"කෑම්ප් කිට් එකෙන් ශේප් කරමු"

"අද හෙටම-"

"කුණුහරුප අහගන්නේ නැතුව ඉන්නවා..අද හෙටම"

මම කට වහගත්තා. මිහිදුම් ෆෝන් එක අරගෙන මොනාදෝ ඔබලා ආයෙම දුන්නා.

"අඩෙහ්..රිසාල්ට් ..මොකා..ක් අඩේ..ඒයි.. මේ මගෙ රෑන්ක් එක.. මෙඩිසින් සිලෙක්ට් වෙනවනේ බන්..දෙයියෝ මේක කවද්ද ආවේ..මේක කියන්න එපෙයි වස්සෝ මුලින්ම අර පල්හෑලි ටිකක් කියවගෙන ගියේ.ඇස් වහන් හිටිය වෙලාවෙ රිසාල්ට්ස් අවුට් වුණා කිව්වා නම් ඇස් අරිනවනේ..උඹ නම්  මහා..කෝ ඔයාගෙ එක"

"ඕකමයි.. රෑන්ක් එක ඔයාට වඩා වැඩියි හැබැයි 12"

"ලංකාවෙන්ම.. ඔව් ඉතින් මඟුල් විසේ නිසා පාඩම් කරානේ.මේක අම්මලා දන්නවද"

EVENING PRIMROSE | COMPLETEWhere stories live. Discover now