without you 🖇️📍🔐

53 11 20
                                    


2023 දෙසැම්බර් 20

උදුවප් මහේ සීතල මේ පාර මට දැනෙන්නෙ නැහැ මොකද සරත් ඍතුවේ ගිනි ගහන ග්‍රීස්මේ මාව පුච්චනවා ; ඒකත් අමු අමුවෙම . කාලෙකට කලින් ආදරේ පිරිලා උතුරන්න තිබුන ඇස්වලින් අද ගිනි පුපුරු මන් දිහාට වාන් දානකොට ඇත්තටම මන් හරි අසරණයි "නුරාග්‍ර " !
මන් දන්නෑ ඒ මායාකාරි ඔයාට මොන මොන මන්තර බන්ධන කියලා දෙනවද කියලා , පුලුවන් නම් ඒ මායාකාරිගෙ මන්තර බලෙන් මාව පුච්චන්නැතුව ඉන්න . බයයි මම ! ඔය නපුරු කම් වලට මන් හරි බයයි ආග්‍ර . ඉස්සර වගේ බය හිතුණම බදාගන්න අද ළග නැතිවුනාට කමක් නැහැ . ඇරත් යකැදුරෙක් කවදත් යකාව බදාගත්තෙ නැහැ නේද ?

2023 දෙසැම්බර් 25

" සුභ උපන්දිනයක් වස්තුවේ "!
ඒ කොච්චර කාලෙකට කලින්ද ? මට දැන් එහෙම දෙයක් හීනෙකින්වත් හිතන්න බැහැ නේද ? අද දවසෙ වුනේම හීනෙකින්වත් නොහිතපු දෙයක් වෙනකොට ඇත්තමයි උපන් දවසෙම මට මැරෙන්න හිතුනා !

.
.
.
.
.
.
.
.

- මූ කරලා තියෙන බලු වැඩ හැටියට ඔහොම වෙලා මදි .. නේ මචන් නුරාග්‍ර

- කරපු ඒවගෙ පව තමා ඔය ගෙවන්නේ . පේනවනේ උපන්දිනයක් සමරන්නවත් යාලුවෙක්වත් නැති හැටි . තියෙන පව්කාරකම

- වේස අනාතයා

එක දිගට පිහි තුඩු වගේ ඇහෙන වචන ඇත්තමයි කන හරහා ගිහින් කෙලින්ම වැදුනේ මගෙ හදවතට ඒවා මාව නොමරා මැරුවා . ඔයිට වැඩිය හොදයි නුරාග්‍ර මගෙ හදවත එලියට ඇරන් ඒක කෑලි කෑලි වලට කපලා මාවත් එක්කම පුච්චලා අලු කරලා දානවනම් .

ඔයාගේ යාලුවෝ කියනවා හරි තමා . මන් අනාතයෙක් ඒවුනත් මන් වේසාවෙක් නෙවේ . ඒක උඹත් හොදටම දන්නවා අයියේ . ඇත්ත දැන දැනත් උබ ඔහොම මාව ඇස් වලින් පුච්ච පුච්ච මරවද්දි රිදෙනවා බන් මේ මිලිග්‍රෑම් විස්සක්වත් බර නැති හදවත . අම්මා තාත්තව මගෙන් උදුරගෙන දෙයියො මාව අනාතයෙක් කරාට උබ මට ජීවිතයක් දුන්නා . ඒත් ඒ මට ජීවිතේ දීපු එකාම අද මාව වේසාවෙක් කරලා . නෑ ! ඒ ඔයා නෙවේ . ඒ නපුරු මායාකාරි . උබව මගෙන් උදුරගත්ත නපුරු මායාකාරි .

අල්ලක් තරම්වත් ලොකු නැති පොඩි කේක් කෑල්ලයි අවුරුදු විසිහය අගවන්න ඒ මැද රදවපු දියවෙලා ගිය ඉටිපන්දමයි ! මට මන් ගැනම පව් හිතුනා . මට ඕන වුනේ නැහැ ඒ ඉටිපන්දම වගේ අර ගිනි කන ඇස් වලට අහුවෙලා දිය වෙලා යන්න . මන් ඒ ඇස් මගෑරලා එලියට යන්න හැදුවේ ..

Without you 📍🖇️🔐 [ b × b ] Место, где живут истории. Откройте их для себя