without you 🖇️📍🔐

Start from the beginning
                                    

- කොහෙද තෝ යන්නේ.. අහන් ඉන්ඩ බැරිද කියන එව්වා.. කෝමත් ඇත්ත තිත්තයි නේ

- ඒ අපිටත් පොඩ්ඩක් පෙන්නලා පලයන්කො.. කොහොමත් උබ එක එකා ඉස්සරහා දික් කරන එකේ අපි බැලුවා කියලා මක් වෙනවද

- ඕයි ඕයි පව් යකෝ අපේ පිරිමි ගණිකාව . අම්මා ලගට ගිහින් අඩයි පොඩි එකා ... අම්මටසිරි අමතක වුනානේ උබට අම්මෙක් නෑනේ .. උබ අනාතයිනේ

- අම්මෝ අම්මෝ ....

මට කෑගහලා අහන්න ඕන වුනා . උබලට මගෙ අම්මා අප්පා නැති එක විහිලුවක්ද ? අනාතයා කියන ලේබල් එක දෙයියෝ මට ඉපදෙද්දිම දුන්න තෑග්ග නෙ . ඒත් මොනාද මේ කියන දේවල් මන් පිරිමි ගණිකාවක් ! අඩුම මට හේතුවක් දැනගන්න නෑ ඇයි මට මෙහෙම නොකරපු දේවල් කියලා හංවඩු ගහන්නේ .. දෙයියන්ගෙ නාමෙන් ඕක නවත්තන්න . උබලගෙ කාලකන්නි හිනා අතරෙ මගෙ හදවත කෑමොර දීලා අඩනවා .

ඇයි නුරාග්‍ර උබ අද මෙහෙම . වෙන එකෙක්ගෙ කටින් මන් ගැන කෙල බිදක වැරැද්දක් කියනවට අකමැති වෙච්ච උබම නේද අද මේ ඔක්කොම අහගෙන හදවතක් නැති මිනිහෙක් වගේ ඉන්නේ . මට ඔය නපුරුම නපුරු කලු කුහර දිහා බලන්න ඕන නුරාග්‍ර . ඒත්... ! ඒත් ඒවත් මේ කතා ඔක්කොම අහගෙන සමච්චලේට හිනා වෙනවනම් . දෙවියනේ ! ඔයාම කෑලි කරපු මෙ හදවත හොයාගන්නවත් බැරි තරමට පිච්චිලා අලු වෙලා යයි . ඒත් මට දැනගන්න ඕන ..

මන් දෙපාරක් නොහිතා ඔය ඇස් දිහා කෙලින්ම බැලුවා..වෙනදා වගේ මන් ඒ කලු කුහර ඇතුලට ඇදිලා ගියේ නෑ.. මාව ඇදගන්න ඒ කලු කුහර අයිතිකාරයා මන් ලගට ආවා . ඒක නිකන් හයිවේ එකට පාර වැරදිලා ගිය බයිසිකලයක් අනිත් පැත්තෙන් ආපු කන්ටේනරයක වැදිලා කුඩු වෙලා ගියා වගේ ..

- නු...නුරාග්‍ර ...

මට වැඩිය දෙගුණයක් විතර හැඩිදැඩි ඒ පපුවේ වැදිලා මන් විසිවෙලා ගිහින් බිම ඉන්දවුනා . ලග තිබුන ගල් බංකුවේ වැදිච්ච නලලට වැඩිය මගේ හදවතෙන් ලේ වාන් දැම්මා වගේ මට දැනුනේ . විසිවෙලා ගිය කේක් කෑල්ල එයාගෙ සපත්තුවට පෑගිලා පොඩි වෙලා යද්දි අම්මපා මට හිතුනෙම උබ ඒ පෑගුවේ මගෙ තුවාල වෙච්ච හදවත කියලා . මට අහන්න ඕන වුනා මොකක්ද මන් කරපු වැරැද්ද ? කෙස් ගහක තරම්වත් වැරැද්දක් නොකර හදවතේ හැම වර්ග සෙන්ටිමීටරේකින්ම , මුලු ආත්මේ හැම අංශුවක් අංශුවක් ගානෙම උබට ආදරේ කරපු එකද මන් කරපු වැරැද්ද ? කවදාවත් නැතුව මට උබ ගැන තරහක් ආවා නුරාග්‍ර . මෙච්චර ඉවසපු මට මේ පාර ඉවසන්න බැරිවුනා .

Without you 📍🖇️🔐 [ b × b ] Where stories live. Discover now